ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 18000ක් අත්අඩංගුවට
Wednesday, 08 April 2020 - 15:33 | Views - 474
ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 18000ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 4667ක්.
පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 6 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අද දහවල් 12 දක්වා කාලය තුලයි මෙම සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුල පමණක් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 283ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලය තුල අත්අඩංගුවට ගැනුනු වාහන සංඛ්‍යාව 81ක්.
Share This Article