මුහුණු ආවරණයෙන් පමණක් කොවිඩ් -19 වැළැක්විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Tuesday, 07 April 2020 - 9:22 | Views - 1,667

මුහුණු ආවරණ කොවිඩ් -19 වෛරසය විනාශ කිරීමේ රිදී උණ්ඩයක් නොවන අතර, එයින් පමණක් ගෝලීය වසංගතය දුරු කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ග්‍රෙබියේසස් කියා සිටියේ මුහුණු ආවරණ සැබවින්ම අත්‍යාවශ්‍ය වන්නේ නිරන්තරයෙන් හොඳින් අත් සේදීමට සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු ප්‍රජාවන්ට බවයි.
ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීම සහ ජනාකීර්ණභාවය හේතුවෙන් එම අවශ්‍යතාවන් සපුරාලීම දුෂ්කර විය හැකියි.
එමෙන්ම මුහුණු ආවරණ, කොවිඞ් නයින්ටීන් ආසාදනය වැළැක්වීමේ පරිපූර්ණ හඳුන්වා දීමක් ලෙස සැලකිය නොහැකි බවයි ජිනිවා නුවර සිට අතත්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.
කෙසේ නමුත් සෞඛ්‍ය සේවකයන් සඳහා මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඟලූම්වල අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නා.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය සංදර්ශනයක් අප්‍රේල් 18 වන දා පැවැත්වීමට ඇමරිකානු ගායිකා ලේඩි ගාගා ඉදිරිපත්ව සිටිනවා.
ඊට ඬේවිඞ් බෙකම්, ජෝන් ලෙජන්ඞ් ඇතුළු සුප්‍රකට චරිත මෙන්ම ස්ටීව් වොන්ඩර්, එල්ටන් ජෝන්, පෝල් මැකාට්නි, වැනි ගායකයන් සහ ප්‍රියංකා චොප්රා, ෂාරුක් ඛාන් වැනි බොලිවුඞ් නළු නිළියන් ද එක්වනවා.
මෙම ගෝලීය සංදර්ශනය ලොව පුරා සජීවි ලෙස විකාශය කරන අතර එය නිවෙස්වල සිටම නැරඹීමට හැකිවීම විශේෂත්වයක්.
Share This Article