නව කොරෝනා වෛරසයේ ස්වභාවය පිළිබද චීන විද්‍යාඥයන් කරුණු රැසක් අනාවරණ කර ගනී
Saturday, 21 March 2020 - 15:37 | Views - 32,368
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ස්වභාවය පිළිබද චීන වෛද්‍ය විද්‍යාඥයන් මේ වන විට කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

වෛරසයේ මූලික ලක්ෂණයක් වන්නේ ශ්වසන මාර්ග ශ්ලේෂ්මල පටලයකින් අවහිර කිරීමයි. එමගින් ශ්වසන පද්ධතියේ වායු හුවමාරුව මෙන්ම පෙනහළු වෙත ඔක්සිජන් ලැබීම අවහිර විය හැකියි. වෛද්‍ය ප්‍රතිකාර මගින් සිදුකරනු ලබන්නේ එලෙස අවහිර වූ ශ්වසන මාර්ගය යළි විවෘත කිරීමයි. ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි අතර, වෛරසයෙන් වැළකී සිටීමට මෙන්ම ආසාදනය අවම කරලීමට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

උණුසුම් ජලය, තේ, කෝපි, සුප් වැනි උණුසුම් පානයන් වැඩි වශයෙන් ගැනීම එහිදී වැදගත් වන අතර, සෑම මිනිත්තු 20කටම වරක් උණුසුම් ජලය පානය කිරීමෙන් මුඛය තුළින් වෛරසය පෙනහළු තුළට පිවිසීම වළක්වා ගත හැකියි.

හැකි සෑම විටෙකම සුදුළුෑණු, විනාකිරි, ලෙමන් වැනි ඔක්සිකාරක ආහාර ගැනීම සුදුසු වන අතර, දුම්පානයෙන් වැළකී සිටීම වැදගත් වන බව එලෙස ලබාදෙන උපදේශයක්.

සෑම විටම දෑත් සේදීම සහ ඒ සඳහා විෂබීජ නාශයක් භාවිත කිරීම වැදගත්.

ඇඳුම් මගින් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඒවා දිනපතා සේදිය නොහැකි නම් දැඩි හිරු රශ්මියට නිරාවරණය කිරීම අවශ්‍ය වනවා.

සෙම්ප්‍රතිශ්‍යාම සෑදීම වළක්වා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතු අතර පළතුරු සහ එළවළු ආහාරයට ගැනීමත් විටමින් සී ලබා ගැනීමත් වැදගත් වන බවයි එම උපදෙස් මාලාව මගින් පෙන්වා දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 321 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,410 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top