මදුරුවන් වැඩියෙන් ලේ බොන්නේ මේ වගේ අයගෙන්ලූ
Monday, 13 March 2017 - 17:47 | Views - 42,958
මාරාන්තික රෝග රැසකට මුල් වන මදුරුවන් පිළිබද විශේෂ කරුණු රැසක්  හෙළිකර ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.
ඒ පිළිබඳ අන්තර්ජාලයේ සඳහන් වෙලා තියන විදියට  මදුරුවන් මිනිසුන්ට වඩාත් ආකර්ෂණය වීමට හේතුවන කරුණු 4ක් තියනවා.

01. ගැබිණි මාතාවන්.

ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී මිනිසුන් පිට කරන කාබන්ඩයෝක්සයිඩ් වායුවට මදුරුවන් ආකර්ශණය වීම සිදුවෙනවා.
කාන්තාවන් ගර්භණී අවදියේදී කාබන්ඩයෝක්සයිඩ් වායුව වැඩි වශයෙන් පිට කරන නිසා ඔවුන් වෙත මදුරුවන්ගේ ආකර්ශනය වැඩි වෙනවා.
ඒ නිසා ගර්භණී තත්වයේ සිටියදී මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට උපක්‍රම අනුගමනය කිරීම වඩාත් සුදුසුය.

02 - O රුධිර කාණ්ඩය හිමි අය

මෑතකදී සිදුකල සමීක්ෂණයකට අනුව O රුධිර කාණ්ඩය හිමි අය වෙත අන් අයට වඩා 83%ක් වැඩි ප්‍රතිශතයක් මදුරුවන්ගේ ආකර්ශනය වීම සිදුවෙනවා.

03 -  ව්‍යායාම කරන විට.

ඔබ ව්‍යායාම කටයුතු කිරීමෙන් අනතුරුවද මදුරුවන් ඔබ වෙත් වැඩි ආකර්ෂණයක් දක්වනවා.
ව්‍යායාම කිරීමේදී ඔබේ මස්පිඩු වල නිර්මාණය වෙන Lactic Acid නම් අම්ලය මෙයට හේතුව ලෙස දක්වන්න පුළුවන්.
එම නිසා ව්‍යායාම කිරීමෙන් පසුව මදුරුවන් වැඩි වශයෙන් ආකර්ශනය වීම සිදුවෙනවා.

04 - ඇල්කොහොල් පානය කිරීම.

පර්යේෂකයන් සදහන් කරන පරිදි ශරීරය උණුසුම්  කරන බීම වර්ග පානය කිරීමෙන් ද මදුරුවන් ඔබ වෙත වැඩි ආකර්ශනයක් දක්වනවා.
ඇල්කොහොල් වැනි දෑ පානය කරන විටදී පහසුවෙන් දෂ්ට කළ හැකි ලෙස සම සකස් වීමත් සිරුරේ දැනීම අඩු වීමත් නිසා මෙම අවස්ථාවන් වලදී විශේෂයෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා විය යුතුය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top