කනස්සල්ලෙන් සිටින WWW නිර්මාතෘගෙන් අනතුරු ඇඟවීමක්
Monday, 13 March 2017 - 17:36 | Views - 2,412
world wide web නොහොත් (WWW) නිර්මාතෘ ආචාර්ය ශ්රීමත් ටිම් බර්නර්ස් ලී අන්තර් ජාලයේ පලවන අසත්ය පුවත් පිළිබඳව තමන් කණගාටුවෙන් පසු වන බව ප්රකාශ කරනවා.
දත්ත පිළිබඳ පවතින රහස්යභාවය සහ දේශපාලන ප්රචාරක කටයුතු වැනි දේ සදහා වර්තමානය වන විට අන්තර්ජාලය බහුලව වැරදි ලෙස භාවිතයට ගන්නා බවයි ඔහු ප්රකාශ කර ඇත්තේ.
ඔහු විසින් මෑතකදී නිකුත්කරන ලද නිවේදනයක මෙම කරුණ දක්වා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ලෝක ප්රසිද්ධ අන්තර්ජාල පිවිසුමට අති ප්රධාන පිවිසුම් මාර්ගය වන WWW නොහොත් world wide web නිර්මාණය කර වසර 28ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ඔහු මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.
ව්යාජ ප්රවෘතීන් පළවීම අවම කර ගැනීම සඳහා සමාජ ජාල මාධ්ය සහ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්ර දරණ උත්සාහය දිරිමත් කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටිනවා.
පෞද්ගලික තොරතුරු පාලනයෙන් ගිලිහීයාම සහ පාලකයන් විසින් රටවැසියන්ගේ ක්රියාකාරකම් සියුම් ලෙස නිරීක්ෂණය කිරීම පිළිබඳව ඔහු මෙම නිවේදනය මඟින් අනතුරු ඇඟවීම තවත් විශේෂත්වයක්.
Share This Article