මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවොත් වෙන දේ දන්නවද
Monday, 13 March 2017 - 16:48 | Views - 88,409
මාළු  සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වුනත් ඔබ මාළු බැදලා අනුභව කරනවානම් එය තවදුරටත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නොවෙන බව හොඳින් මතක තබාගන්න.
මෑතකදී සිදුකරනු ලැබූ අධ්‍යයනයකින් සනාථවී වී තිබෙන්නේ,
සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදය එසේත් නොමැති නම් ආඝාතය කියන බරපතල සෞඛ්‍යය තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.

සතියකට දෙවතාවක් මාළු අනුභව කිරීමට නිර්දේශ කර තිබුනත්, ඒවා සකස් කරන ආකාරය පිළිබඳව ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු වන්නේ ආඝාතය ඇතුළුව තවත් රෝග රැසක් ඇතිවීමට වැරදි ආහාර රටාව බලපාන නිසයි.

අධි කොලොස්ටරෝල් මට්ටමක් ඇති ආහාර අනුභව කලොත් මොලයට රුධිරය සැපයෙන රුධිර වාහිනී අවහිර වෙන නිසා, ඒ හේතුවෙන් ස්නායු සෛල විනාශ වීම සහ හෘද රෝග වැනි තත්වයන් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තියා ගන්න අමතක් කරන්න එපා.

අධ්‍යයනයන් මගින් පෙන්වාදෙන ආකාරයට, සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදයක් ඇතිවීම සඳහා සියයට 32ක පමණ වැඩි අවදානම් තත්වයක් පවතිනවා.
ඒ වගේම වැරදි විදියට මාළු පිසුවොත්, එහි ඇති වටිනා තෙල් කොටස් ගිලිහී යන බවද විශේෂඥයෝ පවසති.

- ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් සැමන් මත්ස්‍යයින් බැදීමේදී එහි වටිනා තෙල් කොටස් විනාශ වී යෑම   උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top