දහඩිය දුගද නිට්ටාවටම නැතිකරන විශ්මිත ඔසුව
Monday, 13 March 2017 - 14:21 | Views - 20,465


දහඩිය දැමීම ස්වාභාවිකය. නමුදු ඇතැම් අයට දහදිය දැමීම ප්‍රශ්නයක්. එයට හේතුව දහඩිය අධික දුර්ගන්ධයෙන් යුතු වීමයි. මෙම තත්වය අසහනකාරී අද්දැකීමක් වන්නේ තමන්ට වඩා අවට සිටින අයට දහඩිය දුගඳ ඉවසා සිටීමට නොහැකි බැවිනි. කාන්තා – පිරිමි භේදයකින් තොරව සැමටම දහඩිය දමයි.
නමුත් අස්වාභාවික ලෙස දහඩිය දුගඳ වීමට විවිධ වූ හේතු බලපානු ලබයි.

මලබද්ධය , ශාරීරික උෂ්ණත්වය වැඩිවීමහා ඔසප් වීමද දහදිය දුගඳට හේතු වෙනවා.
මලබද්ධය පවතින විට මල පිට නොවී ශරීරය තුළ එක් රැස්වීම නිසාද ඔසප් වීමේදී සිදු වන හෝමෝන විපර්යාසයද
දහඩිය දුගඳින් යුක්තයි.
එම නිසා මලබද්ධය පවතී නම් මලබද්ධය දුරු කර ගැනීම පිණිස ගස්ලබු, බෙලිවැනි පලතුරු නිතර ආහාරයට ගැනීමටද, වතුර අවශ්‍ය ප්‍රමාණයට පානයද කිරීමද කළයුතුයි. ඔසප් පවතින දිනවලදී අන් දිනවලට වඩා පවිත්‍රතාව පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වෙනවා.

දහඩිය දුගඳ සඳහා අද තරුණ තරුණියෝන් බොහෝ විට විවිධ දුගඳ නසන ආලේපන භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්නවා. එම ආලේපන මගින් තාවකාලික දහඩිය දුගඳ දුරු කර සිරුර සුවඳවත් කරත් ඒ ඉමිහිරි සුවඳට හොර රහසේ අහිතකර රසායන ද්‍රව්‍ය රාශියක් මිනිස් සිරුරට ඇතුළු කරනවා.
ස්වාභාවිකව සාදා ගත හැකි දුගඳ නසන ආලේපන තුළින් ඉතාමත් කෙටි කලකදී සම්පූර්ණයෙන්ම ඔබට දහඩිය දුගඳින් මිදෙන්න පුළුවන්.


ආලේපනය – 1 – සුදු හඳුන් කුඩු, සැවැන්දරා මුල් කුඩු ,අගිල් කුඩු ,නාමල් රේණු ,වෙනිවැල්ගැට කුඩු
මේ සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේප කරන්න.
මෙම දුගඳ හරන ආලේපය සැමදා හෝ සතියකට දින කිහිපයක් භාවිත කරන්න පුළුවන්.

දින කිහිපයක් භාවිත කිරීමෙන් ඔබට දහඩිය දුගඳින් සම්පුර්ණයෙන්ම මිදෙන්න පුළුවන්.
මෙම දුගඳ නසන ආලේපන 100% ක් ස්වාභාවික ඖෂධ භාවිත කරමින් සාදා ගන්නා නිසා මිනිස් ශරීරයට අහිත කර බලපෑම් ඇති නොවේ.
බෙලි මල් නිතර නිතර පානය කිරීමෙන්ද දඩිය දුඟද නැති කරගන්න පුළුවන්.
විශේෂයෙන්ම තම පෞද්ගලික පිරිසුදු බව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීම මෙහිදී වඩා වැදගත් වෙනවා.


ආලේපනය – 2 – අරළු කුඩු. ලොත් සුඹුල් කුඩු කොහොඹ කොළ කුඩු රුක්අත්තන පොතු කුඩු දෙළුම් පොතු කුඩු සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය කිරීමෙන්ද දඩිය දුඟද නැති කරගන්න පුළුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top