මොනතරම් ව්‍යායාම කළත් කෙට්ටු නොවෙන ඇත්තම හේතුව
Monday, 17 February 2020 - 10:28 | Views - 1,453
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම සෑම කාන්තාවකගේම ප්‍රාර්ථනයක්. සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කොට සිරුරේ බර අඩු කිරීමට සුදුසුම ක්‍රමවේදය වන්නේ ව්‍යායාම කිරීමය. දිනපතා ව්‍යායාම කිරීම සිරුරේ බර අඩුවීමට පමණක් නොව දීර්ඝකාලීන සෞඛ්‍යසම්පන්න දිවියක් ගත කිරීමටද හේතුවනවා.

නමුත් සිහින් සිරුරක් ලබාගැනීමේ අරමුණින් දිනපතා ව්‍යායාම කළද සිරුරේ බර අඩු නොවන බවට ඇතැම් දෙනා මැසිවිලි නඟන අවස්ථාද තිබෙනවා.  ව්‍යායාම සිදුකළද සිරුරේ බර අඩු නොවන්නේ ඇයි දැයි යන කාරණාව මෙම ලිපිය තුළින් සාකච්ඡා කර බලමු.

ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කිරීම උදෙසා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළද ඉතා යෝග්‍යතම ක්‍රමවේදය වන්නේ ව්‍යායාම කිරීමයි. නමුත් ව්‍යායාම කිරීමේදී අනුගමනය කරන වැරදි පුරුදු, ආහාර පාලනය නොකිරීම වැනි හේතු සාධක මත කෙතරම් ව්‍යායාම කළද එහි ප්‍රතිඵල ලැබීමට අපහසුවනවා. ව්‍යායාම කිරීමේදී ඒ පිළිබඳව නිසි උපදේශනයක් හෝ නිසි දැනුවත්භාවයක් ලබාගෙන ව්‍යායාමවල නිරත වන්නේ නම් වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට ඔබට පහසුවනවා. ව්‍යායාමවල නිසි ප්‍රතිඵල ලබාගැනීමට අපහසු වන හේතු කාරණා කිහිපයක් පිළිබඳව අප දැන් විමසා බලමු.

නිසි හෘද ස්පන්දන වේගයක් පවත්වා නොගැනීම

ව්‍යායාම කිරීමේදී හෘද ස්පන්දන ක්‍රියවලිය වේගවත් වී ශරීරයේ තැන්පත් වී ඇති අධික මේදය දහනය වීම සිදුවනවා. වයස, නිරෝගිමත් බව වැනි කරුණුවලට අදාළව එක් එක් පුද්ගලයා පවත්වාගත යුතු හෘද ස්පන්දන වේගය වෙනස් වෙනවා. ඔබගේ ව්‍යායාම මධ්‍යස්ථානයේ උපදේශකවරයාගෙන් ඔබ පවත්වාගත යුතු හෘද ස්පන්දන වේගය පිළිබඳව දැනුවත්වීමට ඔබට හැකියාව තිබෙනවා.  

Cardio ව්‍යායාමවලට ඔබගේ හෘද ස්පන්දන ක්‍රියාවලිය වේගවත් කිරීමට හැකියාව තිබෙනවා.  ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි Cardio ව්‍යායාම උදරයේ තැන්පත්ව ඇති මේදය දහනය කිරීමට ඔබට උපකාරීවනවා.

ආහාර පාලනය නොකිරීම

කෙතරම් ව්‍යායාම කළද ඔබ ගන්නා ආහාර පිළිබඳව ඔබ තැකීමක් නොකරන්නේ නම් ඔබට අවශ්‍ය සිහින් සිරුර ලබාගැනීමට ඔබට අපහසුවනවා.  ආහාර පාලනය කියූ සැණින් බොහෝ දෙනා අදහස් කරනුයේ ආහාර ලබානොගෙන සිටීමයි. නමුත් ආහාර පාලනයේදී සිදුකළ යුත්තේ ඇතැම් ආහාර වර්ග සීමා කිරීමයි.  ව්‍යායාම මධ්‍යස්ථානයට ගොස් ව්‍යායාම කොට රාත්‍රියේදී අධික ලෙස මේදය සහ කාබෝහයිඩේ්‍රට් අඩංගු ආහාර ලබාගන්නේ නම් සිදුවන්නේ නැවත නැවතත් මේදය තැම්පත් වීමයි. එසේම ශරීරයේ මෙට්බොලිසම් මට්ටම වැඩි කිරීමට උපකාරී වන ප්‍රෝටීන බහුල ආහාර වැඩි වශයෙන් ලබාගැනීමද වැදගත්. රාත්‍රි ආහාර ලෙස කාබෝහයිඩේ්‍රට්  අවම ආහාර ලබාගත යුතුයි.  එසේම එළවළු, පලතුරු, කොළ වර්ග, ඇට වර්ග වැනි දෑ ආහාරයට වැඩි වශයෙන් එක් කරගත යුතුයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආහාර අවශ්‍යතාව වෙනස් වන බැවින් ආහාර පාලනයේදී ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.  සීනි අධික බීම වර්ග, කෙටි කෑම බහුලව ලබාගැනීමෙන් අතිරික්ත සීනි මේදය බවට පත්වී සිරුරේ තැන්පත් වේ. එම නිසා ඔබගේ බර අවම කර ගත යුතු නම් සීනි භාවිතයද හැකිතාක් අවම කරගත යුතුය.

සුළු වේලාවක් ව්‍යායාම කිරීම

ශරීරයේ මේදය දහනය වීම හොඳින් සිදුවන්නේ හෘද ස්පන්දන වේගය වැඩි වී විනාඩි 20කට පමණ පසුවයි.  එම නිසා දිනකට පැයක් හෝ ව්‍යායාම කිරීම වැදගත්. දිනපතා ව්‍යායාම කිරීමට අපහසු නම් දිනයක් හැර දිනයක් හෝ අවම වශයෙන් සතියකට දින තුනක්වත් ව්‍යායාමවල නිරත විය යුතුයි.

වැරදි ව්‍යායාම ඉරියව් අනුගමනය නොකිරීම

දිනපතා ව්‍යායාම කළත් ඔබ වැරදි ව්‍යායාම ඉරියව් භාවිත කරන්නේ නම් නිසි ලෙස මේදය දහනය වීමක් සිදුවන්නේ නැහැ. එම නිසා නිසි උපදෙස් මත නිවැරදි ව්‍යායාම් ඉරියව් අනුගමනය කිරීමද වැදගත්වනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,042 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,162 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණි මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති ප්‍රමුදි...
Hiru Tv Blog
ලංකාවෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන තාරුකා වන්නිආරච්චිට පහුගිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top