රුව රකින කරපිංචා
Monday, 03 February 2020 - 11:17 | Views - 1,766
"මිහිරි කොහොඹ කොළ" ඒ ඉන්දියාවටත් අපටත් ආවේනික කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින් හැඳින්වීම අරුමයක් නොවෙයි. අපේ නිවෙසක කරපිංචා කොළ කිනිත්තකින් රස නොවෙන ව්‍යාංජනයක් නැති තරම්ය. අප රසකාරකයක් ලෙස යොදා ගත්ත ද රසයත් සමඟ එන ගුණය ගැන වැඩි දෙනෙක් නොදනිති.

කාබෝහයිඩ්‍රේට්. තන්තු, කැල්සියම්, පොස්පර්ස්, යකඩ, මැග්නීසියම්, තඹ වගේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ මෙන්ම නිකොටින්, විටමින් සී, විටමින් ඒ, විටමින් බී, විටමින් ඊ, ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල ආදී නැතිවම බැරි පෝෂක රාශියක් මෙහි අඩංගුය. රස පමණක් විඳ කරපිංචා කොළය ඉවත දැමුව ද එහි ගුණ කෙතරම්ද ?

ඔසු ගුණයක් ද පවතියි.

පර්යේෂණවලින් හෙළිවී ඇති අන්දමට මෙහි ඩයරියා වළක්වන ගුණයක් පවතියි. ඩයරියා ඇති විට කරපිංචා කොළ මිටක් සපා බලන්න. නැත්නම් කරපිංචා කොළ යුෂ ස්වල්පයක් පානය කරන්න. එසේම උදර ආන්ත්‍රික රෝගවලට ද මෙය ගුණදායකය. අජීර්ණයට කරපිංචා කොළ මිටක යුෂ ස්වල්පයක් එක්කර පානය කරන්න. කරපිංචා කොළවලින් පල්පයක් සාදා එළඟිතෙල් මිශ්‍රකර හිස්බඩ ගැනීම උදරයට සහ අන්ත්‍රවලට ගුණදායකය.

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top