පසුගිය සැප්තැම්බර් මාසයේදී iPhone X එළිදැක්වූ අවස්ථාවේ ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ' ටිම් කුක් ' විසින් පවසන ලද්දේ ඩොලර් 999 ක උපකරණයක් විසින් "ඊලඟ දශකය සඳහා තාක්ෂණයේ මාවත සකසනු ඇත" ලෙසටය.
නමුත් ඔහුගේ තාක්ෂණික සහතිකය සැබෑවක් වන නමුත් ඇපල් සමාගමේ වඩාත්ම මිල අධික iPhone X ජංගම දුරකථනය කෙරෙහි වෙලදපොල තුල පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ඇපල් සමාගම තම iPhone X දුරකතනයහි නිෂ්පාදන කටයුතු මෙම ගිම්හානය මුල සිටම නතර කරන බව මාධ්යට දන්වා ඇත .
ඇපල් විශ්ලේෂකයන් පවසන ආකාරයට අයිෆෝන් X දුරකථනය " නිෂ්පාදනයක නව මාදිලියක් නිරාවරණය කිරීමට පෙර ඇපල් අයිෆෝන් දුරකතනයක් අත්හිටුවනු ලද පළමු වතාව " මෙය බවයි.
2018 වසරේ මුල් කාර්තුවේදී ඇපල් නිවුස් වෙබ් අඩවිය වන ' Apple Insider ' විසින් කරන ලද විශ්ලේෂණයක ප්රතිපලයක් ලෙස, 2018 වසරේ මුල් කාර්තුවේ ඇණවුම් කළ උපකරණ මිලියන 18 ක් පමණ වන බවත් ඒවා අතරින් තම සමාගමේ ප්රධානම නිෂ්පාදනය වන අයිෆෝන් X සදහා තමා බලාපොරොත්තු වූ තරම් ඉල්ලුමක් හිමි වී නැති බැවින් මෙම ක්රියාමාර්ගය සදහා යොමු වූ බව ඇපල් සමාගම තවදුරටත් සදහන්කර සිටියේය .