විද්යා ප්රබන්ධවල smart ඇස සැබෑ වෙයි
Monday, 20 January 2020 - 10:00 | Views - 12,518
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන් ආකාරයේ තාක්ෂණයක් මෙතෙක් අත්විඳින්නට හැකි වුනේ විද්යා ප්රබන්ධ චිත්රපට වලින් පමණයි.
නමුත් Mojo Vision නම් ආයතනය මේ තාක්ෂණය සැබෑ ලෝකය වෙත හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
සෘජුවම ඇසට සම්බන්ධ කළ හැකි මේ සියුම් කාචය මගින් සෞඛ්ය දත්ත, වේලාව, තරඟ තොරතුරු, කාලගුණ දත්ත ආදී තොරතුරු රාශියක් A R (augmented reality) තාක්ෂණය ඔස්සේ බලාගත හැකි වනවා.
මෙය සියුම් කාචයක් වශයෙන් ඇස තුළට සම්බන්ධ කළ හැකි වන අතර ඇස වසා සිටියදී පවා අවශ්ය තොරතුරු බලා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙම කාචයේ නිෂ්පාදකයා වන Mojo Vision සමාගම ලොව ප්රධාන තාක්ෂණ සහ සෞඛ්ය සමාගම් වල සේවය කළ පුද්ගලයන්ගෙන් සමන්විත වනවා. ඇපල්, ඇමසන්, ගූගල්, මයික්රොස්ෆ්ට්, පිලිප්ස්, ජොන්සන් සහ ජොන්සන් සමාගම් වල සේවය කළ විශේෂඥයන්ගේ සහය මෙම සමාගමට හිමි වනවා.
Mojo Vision සමාගම පවසන ආකාරයට මෙය තවමත් පර්යේෂණ මට්ටමින් වර්ධනය කරමින් පවතින උපාංගයක් වනවා. එය තවමත් සෘජුව ඇසට සම්බන්ධ කිරීම සඳහා කටයුතු කර නැහැ.
උපුටාගැනීම මව්බිම
Share This Article