ඔබටත් ජිවිතයේ වටිනා අවස්ථා මග හැරිලා තියෙනවද ?
එහෙනම් මෙන්න එයට හොද විසදුමක් ලන්දේසි සමාගමක් විසින් සොයාගෙන තියෙනවා .ඒ තමයි ටයිම් මැෂින් කැමරා එක.
ඔබ සමග,ඔබ යන එන ඕනෑම තැනකට මෙම උපකරණය පහසුවෙන්ම රැගෙන යන්න පුළුවන්. මෙහි නිෂ්පාදක සමාගම පවසන ආකාරයට මෙම උපකරණය තත්පර 10 න් 10ට ඔබ යන එන සැමතැනම සටහන් කරගන්නවා. එම දත්ත ඔබට ජංගම දුරකතනයට ලබාගත හැකි මෘදුකාංගය ඇසුරෙන් නැවතත් නැරඹිය හැකියි . පසුගිය සතියේ පැවති ces 2018 ප්රදර්ශනය තුලින් එළිදක්වන ලද මෙය ඉදිරි මාසයේ වෙළදපොලට නිකුත් කිරීමට කටයුතුකරන බවට නිෂ්පාදකයන් විසින් ප්රකාශකර ඇත .