දුමින්දට සාධාරණය ඉල්ලා කොළොන්නාවේ මුස්මිල් ජනතාව නිහඬ විරෝධතාවක
Friday, 17 January 2020 - 19:28 | Views - 446
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සේවය නැවත කොළොන්නාවට අවශ්‍ය බව පවසමින් එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව අද නිහඩ විරෝධතාවක නිරත වුණා.

ඒ කොළොන්නාව නගරයේදීයි.

මෙම විරෝධතාව සඳහා ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ කොළොන්නාවේ නියෝජිතයන් සහ කොළොන්නාව ආසනයේ මුස්ලිම් එකමුතුවේ ජනතාව එක්ව සිටියා.

පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ සිකුරාදා ජුම්මා දේව මෙහෙයෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදුකිරීම පිළිබඳ කරුණු විමර්ශනය කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙස ඔවුන් එහිදි ඉල්ලා සිටියා.

මේ විරෝධතාව අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කොළොන්නාව ආසනයේ මුස්ලිම් ජනතාවගේ එකමුතුවේ ලේකම් එස්.එම්.එම්. නෞෂාඩ්.

‘‘අපි රැස්වෙලා තියෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාව ආසනයේ සංවිධායක දුමින්ද සිල්වා මහත්තයා නිදහස් කරන්න කියලා රජයට සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නයි. කොළොන්නාව ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව උදව් කරපු නායකයෙක් එතුමා. ඒ නිසා මුස්ලිම් පාර්ශවය වෙනුවෙන් එතුමාව නිදහස් කරන්න  ඕනි කියලා අපි ඉල්ලීමක් කරනවා.  ’’

විරෝධතාවට එක්ව සිටි කොළොන්නාව ආසනයේ මුස්ලිම් ජනතාවගේ එකමුතුව නියෝජනය කරන එම්.ඉෂාම්, ඒ.එස්.එම් ඉම්රාන් සහ එම්.එම්.එච්. රිෂාන් ද අදහස් පළ කළා.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,033 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top