''නොලැබුණූ ආදරේ'' අතරමඟ මුණ ගැහුණු අසංකගෙන් හොයන්න ගිය ටානීයාට අත්වුණු ඉරණම - Video
Friday, 17 January 2020 - 19:18 | Views - 187
මැසේජ් එකක් එවලා තිබ්බා ස්තුති කරලා. නිතර නිතරම ළංවුණා...
මං මගේ ආදරය නැතිකරගත්තේ මගේ දෙමව්පියෝ නිසා..
මටත් හැමතිස්සෙම වෙන කෙනෙක් හොයාගන්න කිව්වා..
 
මනුෂ්‍ය සම්බන්ධතා කියලා කියන්නේ හරි අපූරු දෙයක්. වෙලාවකට සුන්දර වගේම තවත් වෙලාවකට අසුන්දර මතක රාශීයක් මේ මනුෂ්‍ය සම්බන්ධතා අපිට ඉතුරු කරනවා. ඒ නිසාම මේ මතකයන් ස්මරණය කරන්න හරි අමාරුයි. ඒවා වේදනාකාරීයි. ඒ සම්බන්ධතා අපේ සිහිනවලට යන්න තියෙන ඉඩකඩ අහුරනවා.
 
මේ ගණුදෙනුකාරී ලෝකයේ ගණුදෙනුකාරී සම්බන්ධතාවයක් නිසා හෙම්බත් වෙච්ච ජීවිතයක තවත් අඳුරු කතාවක්..
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 106 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව ටානියා ගැනයි...

වයස 25 දී විවාහ වෙන ටානියාගේ අත ගත්ත ව්‍යාපාරිකයා සමරතුංග. ටානියාට වඩා වයසින් හුඟක් වැඩිමහල් සමරතුංග, සල්ලී වලට කෑදර හාදයෙක්. මේ නිසාම නිතරම සල්ලි එක්ක ගැවසෙන සමරතුංගට, ටානියා බෝනික්කියක්, ප්‍රදර්ශණ භාණ්ඩයක් විතරක්ම වුණා.
 
මුල් කාලේ සතුටින් හිනාවෙලා උන්නා වුණත් ටිකෙන් ටික කල් යද්දී, ටානියාට විවාහ ජීවිතය තිත්තම වුණා. තමන් සමරතුංගගෙන් හොයන සතුට කවමදාවත් තමන්ට නොලැබෙන බව ටානියා දැනගත්තා. සමරතුංග සතුටු කරපු බෝනික්කියක් විතරක් වුණු ටානියා, කඳුළු අස්සෙන් හිනාවෙන්න ගත්තෙ කරන්නම දෙයක් නැති තැනයි.
 
ඔය අතරේදී අසංක කියන්නේ ටානියාට අහම්බෙන් මුණගැහුණු තරුණ කොල්ලෙක්. අතරමඟ උපකාරයක් කරපු අසංකව තමන්ගේ සමීපතමයා බවට පත්කරගත්ත ටානියා තමන්ගේ සැමියාගේ නොලැබෙන දේ අසංකගෙන් හොයන්න හුරු වුණා. අසංකට රැකියාව හොයලා දෙන්නෙත් ටානියාගේ සැමියා සමරතුංගමයි.
 
ටානියාගේ මිතුරිය වුණු කල්පනාත් නිතරම කිව්වේ, "සල්ලි තියෙන හස්බන් කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට ආදරේ කරන එකේ වරදක් නෑ" කියලයි. අන්තිමට වුණේ ටානියා අසංකට වඩා වඩාත් ඇබ්බැහි වුණ එකයි. සැමියාට නොදැනෙන්න හැම මොහොතේම අසංකව ගෙදරට ගෙන්න ගන්න ටානීයා ඔහු එක්ක ලිංගිකව සතුටු වුණා.
 
ඒත් එක්කම... කාලය ගෙවිලා යද්දි... ටානීයාට තමන්ගේ ශරීරයේ නොතේරෙන වෙනසක් දැනෙන්න ගත්තා. සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකින් පස්සෙ ඇයට දැනගන්න ලැබෙන්නෙ තමන් සමාජ රෝගයකට ගොදුරු වෙලා කියලයි.
 
ඒත්... ඒ කාගෙන්ද? කොහොමද? කියන ප්‍රශ්නය ඇයට ඉතිරි වුණා. ඒ අතරේ තමයි තමන්ගේ සැමියා වුණු සමරතුංගත් අනියම් පෙම්වතියක් එක්කලා හාදවෙලා කියලා ටානීයා දැනගන්නේ. මේ දේවල් එක්ක ඇය පැටලුම් නූල් බෝලයක් ලිහන්නා වගේ ජීවිතේ ආපස්සටම ඇදගෙන ගියා.
 
ඇයට ඉතිරි වුණු එකම එක ප්‍රශ්නයට උත්තරය ඇයට ලැබේවීද?
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
ටානියාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,032 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top