නොරොච්චෝල තාප විදුලි බලාගාරය ආශ්‍රිත පාරිසරික සහ ජනතා ගැටලු ජනපතිගේ අවධානයට
Friday, 17 January 2020 - 17:03 | Views - 182
නොරොච්චෝල තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුවී ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත් වී තිබෙනවා.

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හලාවත රදගුරු ඇතුලු ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

ව්‍යාපෘතිය ආරම්භයේදී එකඟ වූ පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙසට ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණා.

නොරොච්චෝල බලාගාරයේ කටයුතු විමර්ශණයට විදුලිබල අමාත්‍යවරයා අදාළ ඉංජිනේරුවරුන් ඇතුලු කණ්ඩායමක් යොමු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයක් බැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමුවීමේ වැදගත්කම ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේ තමා ද නොරොච්චෝල බලාගාරයේ නිරීක්ෂණයට පැමිණෙන බවයි.

ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ද ඔහු කියාසිටියා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙහිදී පෙන්වා දුන්නේ සංවර්ධන ක්‍රියාදාමයේදී දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බවයි.

එමෙන්ම විදේශීය ආයෝජන මත සිදු කළ ව්‍යාපෘතිවලදී පසුගිය සමයේ සිදුවූ අක්‍රමිකතාවන් පිළිබඳව ද උන්වහන්සේ සිය කණගාටුව පළකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,033 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top