කොළඹ පෞද්ගලික ගුවන් ගමන් තහනම ඉවත් වෙයි
Friday, 17 January 2020 - 13:48 | Views - 365
කොළඹ නගරයේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා.
එම තහනම ඉවත් කරනු ලැබුවේ වසර 25 කට පසුව වීම විශේෂත්වයක්.
ඒ අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක්, ලියාපදිංචි පෞද්ගලික හෙලිකොප්ටර් ගාලුමුවෙදාර පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රීඩාංගනයට ගොඩබැස්විය හැකි බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
අදාළ තහනම ක්‍රියාත්මක වූ පසුගිය අවුරුදු 25 ක කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන සහ බත්තරමුල්ලේ සිටයි.
Share This Article