වසර 100කට පෙර ශ්‍රී දළදා මාලිගාවේ තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමාව යළිත් මාලිගාවටම වැඩමවූ හැටි
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඔහුගේ දියණිය විසින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත වැඩමවූ බුදුපිළිම වහන්සේ නමක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එහි විශේෂත්වය වන්නේ වසර 100කට පෙර මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ තිබූ බුදුපිළිම වහන්සේ නමක් වීමයි.
මෙම පිළිමවහන්සේ එකළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට තෑගි වශයෙන් පිරිනමා ඇති අතර ඔහුගේ මුණුපුරා සහ මුණුපුරාගේ දියණිය මෙලෙස නැවත එම පිළිමවහන්සේ දළඳා මාලිගාවට වැඩමවා තිබෙනවා.
මෙම පිළිමවහන්සේ තෑගී ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයා වන්නේ චාල්ස් පූර්විස් බෙල් නම් මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයායි.
ඔහු ගවේෂකයකු හා පුරාවිද්‍යාඥයකුද වනවා.
බෙල් මහතාගේ මුණුපුරා වන කෙනත් බෙල් හා ඔහුගේ දියණිය වන ෆියෝනා ඩේවිස් එංගලන්තයේ හැම්ප්ෂයර් හි ඕවර්ටන් ප්‍රදේශයේ සිටයි ශ්‍රී ලංකාවට එම බුද්ධ ප්‍රතිමාව යළි වැඩමවා ඇත්තේ.
BBC පුවත්