අම්මත් සමඟ තියෙන තරහට දුවට අමානුෂික ලෙස පහර දුන් නරුම පියා
Friday, 17 January 2020 - 12:31 | Views - 1,006
උතුරු පයාගල පිනිදිය ඇල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතක් වයසැති තම දියණියට අමානුෂික ලෙස කෝටුවකින් පහරදුන් පුද්ගලයෙක් පසුගියදා 14 දා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.
තදින් මත්කුඩු පානයට ඇබ්බැහිවූ සැකකරු තම බිරිඳ සමග ඇතිවු ආරවුලකින් පසුව උරණ වී දැරියට කෝටුවකින් අමානුෂික ලෙස පහරදී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරනවා.
පිනිදිය ඇල්ල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙක් දැරියකට අමානුෂික ලෙස පහරදෙන බවට අසල්වාසියෙක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරකැමට ලක්වූ දැරිය මේ වනවිට කළුතර - නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.
අත්අඩංගුවට පත් සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පයාගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ පවත්වනවා.
Share This Article