පිකාසෝගේ සිතුවමක් හොරෙන් රට පටවන්න ගිය ධනවතෙකුට වැඩ වරදියි
Friday, 17 January 2020 - 10:49 | Views - 392
ලෝක පුජිත සිතුවම් ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ සිතුවමක් පිටරට වෙන්දේසියකදී අලෙවි කිරීම සඳහා හොර රහසේ රටින් පිට කිරීමට උත්සහ කළ ස්පාඤ්ඤ ජාතික ධනවතෙකුට මාස 18ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 58ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් කටයුතු කර තිබේ.   

කලාකෘති එක්කාසුකරන 83 හැවිරිදි ජේම් බොටින්ට අයත් කුඩා මුහුදු යාත්‍රාවක තිබියදී, “Head of a Young Woman” සිතුවම ස්පාඤ්ඤ රජය බාරයට ගැනුණේ 2015 දී ය.

ජාතික වස්තුවක් ලෙස නම් කර තිබුණු මෙම සිතුවම ලන්ඩනයේ දී වෙන්දේසි කිරීමට සැලසුම් කරගෙන සිට ඇතැයි නඩු විමසීමේදී නීතිඥවරු කරුණු ඉදිරිපත් කර ඇත.

වසර 100කට වඩා පැරණි සහ සංස්කෘතික වශයෙන් වැදගත් යැයි සැලකෙන කලාකෘතියක් එරට ජාතික වස්තුවක් ලෙස නම් කෙරෙන අතර එවැනි කලාකෘති රටින් පිට ගෙන යාමට නම් එහි අයිතිකරු විශේෂ අවසරයක් ඉල්ලා සිටිය යුතු බව එහිදී අදහස් වේ.

බොටින් “Head of a Young Woman” සිතුවම 1977 දී ලන්ඩනයේ දී මිලදී ගෙන තිබු අතර බලපත්‍රයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව බොටින් “සංස්කෘතික භාණ්ඩ ජාවාරම” යන චෝදනාවට වරදකරු විය.

“Head of a Young Woman”  සිතුවම මේ වනවිට මැඩ්රිඩ් නුවර රෙයිනා සොෆියා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top