අපේ දුවලා රට ඇරියේ මේ විදිහට ගෙදර එන්නද? අපේ සුරංගනාවියෝ අපිට අහිමි වුණා
Friday, 17 January 2020 - 10:40 | Views - 952
මගේ චූටි මැණිකට මොකද මේ වුනේ. ඔයාට මෙහෙම එන්නද දුවේ මම රට ඇරියේ....’ කඩුවෙල පහළ බෝමිරියේ දයාකාන්ති මහත්මිය හඬා වැළපෙමින් එසේ කියා සිටියාය.
 
 අසර්බයිජාන් රාජ්‍යයේ  නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පිටවූ විෂ දුම ආඝ‍්‍රාණය වීමෙන් මියගිය සිසුවියන්ගේ දේහයන් පෙරේදා (15) රාත‍්‍රියේ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබිණි. කඩුවෙල  මධුහංසි ජයකොඩි (25) සිසුවියගේ දේහය එම නිවස වෙත ලැබෙන විට පෙරේදා මධ්‍යම රාත‍්‍රිය උදාවී තිබිණි. එම නිවස වටා අතුරු සිදුරු නොමැතිව අති විශාල පිරිසක් රැස්වී සිටියහ.
 
 මියගිය හංසිගේ මවගේ විලාපය ප‍්‍රදේශය පුරා රැව්පිළිරැව් දුන්නේ පැමිණි සියල්ලන්ගේ නෙත් කඳුළින් තෙත් කරමිනි.
 
 ‘‘මගේ දුව හුස්ම  ගන්නවා. අර බලන්න. අනේ දුවේ කට ඔහෝම තියාගන්න එපා. හිනාවෙන්නකෝ! ඔයා ඔහොම ඉන්නේ නෑ. ද`ග කරනවා, හිනා වෙනවා’’ ඇය වැළපෙමින් එසේ පවසයි.
 
 ‘මගේ දුවට හැමෝම කිව්වෙ රෝස මල කියලා. අනේ බලන්න එයා රෝස මලක් නේද? ඒ අම්මා කියන පරිදිම ඇය රෝස මලක් මෙන් සුන්දරය. ලස්සනට පිපී දසත සුවඳ විහිදුවා ඉක්මණින්ම පෙති සැලී මිලින වන්නට තරම් ඇගේ දෛවය අකාරුණික විය. ඇන්ටනී ජයකොඩි මහතාටත් උහන් ඕවිටගේ දයාකාන්ති මහත්මියටත් දියණියක් අහිමි විය. මධුසංඛ ජයකොඩි මහතාට සිටි එකම සොයුරිය අහිමි විය.
 
 අසල්වාසීන් පමණක් නොව ගම් සියල්ලේම ජනතාව මෙම නිවසට පා නගන්නේ කම්මුලේ අත රුවාගෙන කඳුළු පිරි දෑසිනි. සියල්ල අනිත්‍ය බව පසක් කරමින් ලබන සෙනසුරාදා ඉහළ බෝමිරිය පොදු සුසාන භූමියේදී අමෝiා අවසන් ගමන් යයි.
 
 පිළියන්දල බෝකුන්දර හංදියේ සිට මහවත්ත ප‍්‍රදේශයට එක් බස් නැවතුමක දුරකි. අපි එහි යන විටත් අධික ජනකායක් ප‍්‍රදේශය පුරාම රැස්වී සිටියහ. මෙතරම් පිරිසක් රැස්ව සිටියේ පසුගියදා අසර්බයිජානයේ මහල් නිවාස තුළ ගින්නට හසුවී මියගිය අක්කයි නංගියි ශෝකයෙන් පිළිගැනීමටය. ඔවුන් පට්ටියගේ මල්ෂා සන්දීපනී (23) සහ පට්ටියගේ තාරුකී අමායා (21) දෙසොහොයුරියන්ය.
 
 මල්ෂා සංදීපනී සහ තාරුකී අමායාගේ නිසල දේහ රැගත් වාහන රථ පෙළ කුඩා අතුරු පාර ඔස්සේ මහවත්ත දෙසට සෙමින් සෙමින් ඇදී යද්දී තම දරුවන් පිළිගැනීමට දීපා නිල්මිණී සහ නිශාන් සංජීව දෙමාපිය යුවළ නිවස ඉදිරිපස නෙත් දල්වා ගෙන සිටියහ.
 
 දියණියන්ගේ සිරුරු සහිත පෙට්ටිය විවෘත කිරීමත් සමගම ඔවුන්ගේ පියා සිහිසුන්ව බිම පතිත වූ අතර මවද සිහිමුර්ජා විය.
 
 ‘අපේ දුවලා රට ඇරියේ මේ විදියට පිළිගන්නද? මගේ සුරංගනාවියෝ මාව දාලා ගියා’ ඒ පියාගේ සිහින් කෙඳිරිලි හඬයි. මිතුරු මිතුරියන්ගේ විලාපයද සමග මහා වැළපීමක් හැර කිසිවක් එහි තිබුණේ නැත.
 
 ආසියානු මහද්වීපයට අයත් ඉරානයට ආසන්නව පිහිටි අසර්බයිජාන් රාජ්‍යයේ බකූ අගනුවර මහල් නිවාසයක නවාතැන් ගෙන සිටි මෙම සිසුවියන් තිදෙනා අනතුර සිදුවන අවස්ථාවේ කාමරය වසාගෙන සිට ඇත.
 
 මෙම සිසුවියන්ට නේවාසිකාගාරය තුළ ඇතිවූ ගින්නේ විෂ වායුව දරාගත නොහැකි වී සිහිසුන්වී අනතුරුව මියගොස් ඇති බව පැවසේ. මෙම අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූ බෝකුන්දර පිළියන්දල එකම පවුලේ සහෝදරියන් පසුගිය වසරේ ජූලි මස 16 වැනි දින අසර්බයිජාන් රට වෙත ගොස් ඇත. එරට විශ්වවිද්‍යාලයක වැඩිමහල් සොයුරිය තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවක්ද, බාල සොයුරිය විලාසිතා නිර්මාණ කරන පාඨමාලාවක්ද හදාරා ඇත.
 
 අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත‍්‍ර යවා කොළඹ පෞද්ගලික විදේශ රැුකියා ආයතනයකින් මෙම සිසුවියන් විදේශගතවී ඇත. මල්ෂා සහ තාරුකී දෙසොහොයුරියෝ අද (17 දා* තුම්බෝවිල සුසාන භූමියේදී අවසන් ගමන් යති.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,033 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top