මහේන්ද්‍ර සිං දෝනිට කැපිල්ලක්
Friday, 17 January 2020 - 10:32 | Views - 453
වසර 15ක් පමණ ඉන්දියාව වෙනුවෙන් අපමණ සේවාවක් කළ හිටපු නායකයකු වන එම්.එස්.දෝනි 2019-2020 ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
2018 වසර දක්වා ඉන්දියානු රුපියල් කෝටි 5ක ඉහළම කොන්ත්‍රාත්තුවක සිටි (“ඒ”) දෝනිට මින් අනතුරුව කිසිම කොන්ත්‍රාත්තුවක් ලබා නොදීමට පියවර ගෙන තිබීමද කැපී පෙනේ.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව දෝනි කිසිදු වෘත්තීය ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැති නමුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පවසන්නේ විස්සයි-20 ලෝක කුසලානය සඳහා දෝනි සහභාගි වනු ඇති බවය.
Share This Article