රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට
Friday, 17 January 2020 - 9:48 | Views - 483
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීට සුළු මොහොතකට පෙර කොළඹ මහාධිකරණයට පැමිණියා.
සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගත්තා.
කෙසේ වෙතත්, පසුගිය 30 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඔහුට ඇප නියම කළ අතර, අඛණ්ඩව රෝහලේ රැදී සිටි මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා අලූයම රෝහලෙන් පිටව ගියා.
Share This Article