අනුරාධපුරයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Friday, 17 January 2020 - 9:30 | Views - 352
පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය - රන්පත්විල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ජීප් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ දියණිය කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී 35 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යැවුණා.

අනතුරට ලක්වූ ජීප් රථයෙහි පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ද ගමන් කර ඇති අතර, එහි රියදුරු ද තුවාල ලබා පොලිස් අත්අඩංගුවේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top