අනුරාධපුරයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Friday, 17 January 2020 - 9:30 | Views - 353
පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය - රන්පත්විල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ජීප් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ දියණිය කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එහිදී 35 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යැවුණා.
අනතුරට ලක්වූ ජීප් රථයෙහි පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ද ගමන් කර ඇති අතර, එහි රියදුරු ද තුවාල ලබා පොලිස් අත්අඩංගුවේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Share This Article