ලොව ප්‍රථම ජීවමාන රොබෝ ඇමරිකාවෙන්
Friday, 17 January 2020 - 8:56 | Views - 1,121

අසීරු ශල්‍යකර්මය සඳහා සහ රෝග සුවකිරීම සඳහා භාවිතා කළ හැකි ලොව ප්‍රථම ජීවමාන රොබෝවා නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති.

ගෙම්බන්ගේ ප්‍රාථමික සෛල භාවිතා කරමින් නිපදවා ඇති “සෙනබොට්ස්” නම් මෙම සජීවී යන්ත්‍රයට ස්වයං සුවකිරීමේ විශිෂ්ඨ හැකියාවක් ඇති බව විද්‍යාඥයෝ පවසති.

සෙනොබොට්ස් ලෙවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ප්‍රාථමික සෛල උපයෝගී කරගෙන මෙම රොබෝවා නිර්මාණය කර තිබේ.

ඇවිදීමට, පිහිණීමට, කණ්ඩායම් වශයෙන් එකට වැඩ කිරීමට හා ආහාර නොමැතිව සති ගණනක් ජීවත්වීමට හැකියාව සහිත මෙම රෝබෝවා ප්‍රමාණයෙන් මිලිමීටරයකට වඩා කුඩාය.

මිනිස් කළල වල විකෘතීන් නිවැරදි කිරීම, හානියට පත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් නිවැරදි කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ක්ෂුද්‍ර රොබෝවා යොදාගත හැකි බව එය නිපදවූ විද්‍යාඥයෝ පවසති.

මෙම නිපැයුමත් සමඟ රොබෝ තාක්ෂණයේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදුවනු ඇති බවට පර්යේෂකයෝ අනාවැකි පළ කරති.

(සීඑන්එන් ඇසුරිණි - 085)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top