රාජිත අද අධිකරණයට
Friday, 17 January 2020 - 8:40 | Views - 360
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත අද සලකා බැලීමට නියමිතයි.
ඒ අනුව අද දින ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළවයි.
පසුගිය 30 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඇප නියම කරනු ලැබූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා අලූයම නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් පිටව ගියා.
පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක්ද ලබාදුන්නා.
Share This Article