ඉන්දුනීසියානු ජාතිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා
Friday, 17 January 2020 - 8:33 | Views - 712
අයි.ඩී.එච්. මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විදේශිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය බවට, සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මගීන් දෙදෙනෙකු අසනීප වීම හේතුවෙන් පසුගියදා කටුනායක ගුවන් තොටුපළට ලයන් එයාර් වර්ගයේ ගුවන් යානයක් ගොඩබැස්සවූ අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටියා.

කෙසේ වෙතත්, එලෙස ගුවන් යානයේදී මියගොස් මෙරටට භාරදී තිබූ ගුවන් මගීන් දෙදෙනාගේ සිරුරු යළි ඉන්දුනීසියාවට යැවීමට කටයුතු කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, එම යානයේම පැමිණි තවත් විදේශිකයෙකුු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහායි අයි.ඩී.එච්. මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ.

ඉන්දුනීසියානු ජාතිකයෙකු වන ඔහුට හඳුනා නොගත් උණ රෝගයක් වැළඳී ඇති බවට පසුව අනාවරණ වීමෙන් අනතුරුව, ඔහුගේ සෙම පටල සහ රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරනු ලැබුවා.

එහිදී කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ඔහු ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන බවටයි හෙලි වී ඇත්තේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top