උඩු ගුවන ජයගත් දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා- [Video]
Friday, 17 January 2020 - 8:28 | Views - 405
පැරෂුට් එකක් උපයෝගී කරගනිමින් අඩි 14,500ක උසක සිට සාර්ථක පැරෂුට් පිම්මක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු දකුණු ආසියාවේ වාර්තාවක් තැබීමට සමත් වූවා.
මෙලෙස ලෝකය හමුවට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යාමට සමත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතායි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම පැරෂූට් නිලධාරියා ලෙසින් ඔහු එම පිම්මත් සමඟ පැරෂුට් පිමි 200ක් සම්පුර්ණ කළ දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා වීමට සමත් වුනා.
මෙලෙස අඩි 14,500ක උසක සිට මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතා පැරෂුට් පිම්ම සිදුකළේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදීයි.
Share This Article