දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
Friday, 17 January 2020 - 8:24 | Views - 800
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සබරගමුව, බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 40ත්, 50ත් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article