ලෝ පූජිත වික්ටෝරියා දිය ඇල්ල සිඳී යයිද?
Friday, 17 January 2020 - 8:18 | Views - 535
ලොව දර්ශනීය දිය ඇල්ලක් ලෙස හඳුන්වන අප්රිකාවේ සුප්රකට වික්ටෝරියා දිය ඇල්ල සිඳීයැමට ආසන්න බව වාර්තා වේ.
සිම්බාබ්වේ සහ සැම්බියාව අතර පිහිටි වික්ටෝරියා දිය ඇල්ල දරුණු නිය`ගයකට මුහුණපා තිබේ. අඩි 355 ක් උසැති මෙම දිය ඇල්ල හඳුන්වන්නේ ගිගුරුම් දෙන දුම යනුවෙනි.
මෙය ලෝක උරුමයකි. 1855 වසරේදී ඩේවිඩ් ලිවින්ස්ටන් නමැති ස්කොට් ගවේෂකයා මෙම දිය ඇල්ල පිහිටි ස්ථානයට මුලින්ම පැමිණ ඇත. මෙම දිය ඇල්ලේ විශාලත්වය මීටර් 1708 ක් වේ.
Share This Article