ජංගම දුරකථනයේ "වීඩියෝ පටි ගත වීමට" සලස්‌වා තරුණයෙක්‌ දිවි නසාගනී
Friday, 17 January 2020 - 8:11 | Views - 911
තම ජංගම දුරකථනයේ "වීඩියෝ පටි ගත වීමට" සලස්‌වා ජංගම දුරකථනය වහලයේ බාල්කය මත රඳවා නිවසේ කාමරයකට වැදි ගෙල වැලලාගත් තරුණයකු පිළිබඳ, ඉකුත්දා රාගම ශික්‍ෂණ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය.
 
 ප්‍රේමය අහිමිවේදෝ යන සැකයෙන් පසු වූ 25 හැවිරිදි මත්ලෝලි තරුණයකු කාමරයකට වැදී, එහි දොරගුලු ලා - බිත්තිවල සටහන් කිහිපයක්‌ද සනිටුහන් කොට මෙලෙස එල්ලී සියදිවි නසාගෙන ඇත.

මියගොස්‌ ඇත්තේ කඳාන දකුණු බටගම විසූ තරුණයෙකි. සිද්ධිය වූ ස්‌ථානයේ ස්‌ථානීය නිරීක්‍ෂණය රාගම ශීක්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂිකා විශ්‍රාමික විදුහල්පතිනි, ඡේ. කේ. අමරා ජයකොඩි මහත්මිය විසින් සිදුකොට තිබිණි.

පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණ සාක්‍ෂි විභාගය රාගම ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු එම්. ප්‍රියංකර ලාල් මහතා හමුවෙහි පැවැත්විණි. මෙහිදී කදාන පොලිසියේ පො. කො. (41335) ජී. ජයවර්ධන මහතා සාක්‍ෂි ඉදිරිපත් කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරි මුත්තුලිංගම් මහතා පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සිදු කළේය.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,033 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top