කාන්තාවන්ගේ මාසික ඔසප් වීම ගැන පොඩ්ඩෝ ටිකක් එකතු කරගෙන කරපු ලෝකේ හොල්ලපු අමුතු කතාව (VIDEO)
Thursday, 16 January 2020 - 21:10 | Views - 935

කාන්තාවන්ගේ මාසික ඔසප් වීම කියලා කියන්නේ මේ වෙද්දී සමාජයේ ප්‍රබල කතා බහකට ලක්වන මාතෘකා අතරින් එකක්. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල්වල මෙය තවමත් කතාබහට ගත නොහැකි ලජ්ජාශීලි මාතෘකාවක්. මේ හේතුව නිසාම ගොඩක් දියුණු රටවල් මේ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියනවා. මේ ජීව විද්‍යාත්මක කාරණාව මුල් කරගෙන කාන්තාවන් සමාජයේ කොන් කිරිමටත් ඔවුන් අපහසුතාවයට පත් කිරීමටත් සමාජය විසින් ඉදිරිපත් කරන නූගත් මතවාද බිඳ දමන්නට මේ වෙද්දී ලෝකය පුරාම කාන්තාවන් ටික ටික අත්වැල් බැඳගන්නවා දකින්න ලැබෙනවා. 

විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල පවතින මේ දරුණු සමාජ ගැටලුවට පිළිතුරක් හොයන්න බොලිවුඩ් සිනමාවෙන් නිර්මාණ පවා බිහිවෙනවා පහුගිය කාලේ අපිට දකින්න ලැබුනා.

විශේෂයෙන්ම ලිංගික අධ්‍යාපනය දරුවන්ට නිසි වයසේදී නිසි අයුරින් ලබා නොදීම ප්‍රධාන වශයෙන් සමාජය තුල මෙවැනි දුර්මත පැතිරීමට හේතුවක් බව විශේෂඥයින් මේ වෙද්දී හොයාගෙන තිබෙනවා. නමුත් දියුණු රටවල මේ තත්ත්වය බොහෝදුරට වෙනස්. ඔවුන් තමන්ගේ දරුවන් තුල කුඩා කාලයේ සිටම මේ සම්බන්ධව අවබෝධය ඇති කිරීමට උත්සහ ගන්න බව අපි දකිනවා. ඒ නිසාම දියුණු රටවල කාන්තාවන්ගේ මේ මාසික ඔසප් වීම තවදුරටත් මැජික් එකක් නෙමෙයි. ඒ ගැන ඔවුන්ට සමාජයෙන් වසන් වී කතා බහ කරන්නට අවශ්‍යතාවයක් නෑ. එය බොහොම විවෘතව දරුවන් සමග පවා කතා බහ කරන්නට තරමේ දියුණු සමාජ ක්‍රමයක් තමයි ඔවුන් ගතකරමින් ඉන්නේ. 

මේ තියෙන්නේ ඒවගේ විදෙස් රටක පුංචි දරුවන් ටිකක් එකතු කරගෙන කරපු සෝෂල් එක්ස්පරිමන්ට් එකක්. මේ නිෂ්පාදක කණ්ඩායම මේ දරුවන්ගෙන් අහනවා කාන්තාවන්ගේ මාසික ඔසප් වීම සම්බන්ධව ඔවුන්ගේ අදහස්. පුදුමයකට වගේ ඔවුන් ලබා දෙන්නේ වැඩිහිටි අපි කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වුන පිළිතුරු නෙමෙයි. මේ පුංචි හුරතල් පැටවුන්ගෙන් සමහර අය දෙන්නේ අහන ඕනම කෙනෙක්ගේ මුහුණට සිනහවක් ගෙනෙන විදිහේ පිළිතුරු. නමුත් එක් දරුවෙක් සියල්ල නිසි ලෙසම අවබෝධයෙන් පිළිතුරු දෙන්නේ සියල්ලන්වම මවිත කරවමින්. අවසානයේ ඇත්තටම මාසික ඔසප් වීම කියන්නේ මොකක්ද කියන එක ඔවුන්ට පහදා දීමෙන් පස්සේ ඔවුන්ගේ ප්‍රතිචාර නැරඹිය යුතුමයි. ඒ ජීව විද්‍යාත්මක කරණය ඔවුන් පිළිගන්නේ පුදුම කුතුහලයකින් යුතුව. 

අපි ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඔබට නරඹන්න කියලා. කාන්තාවන්ගේ ඔසප් වීම ගැන සමාජයෙන් වසන් කරගෙන එය කතාවට ලක්කිරිමම ලැජ්ජාවක් ලෙස දකින අපේ මුළු මහත් සමාජයටම මේ වීඩියෝ එක හොඳ ආදර්ශයක් වෙයි කියලා අපිට හිතෙනවා. ගිහිල්ලම බලන්න. 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top