දුක් සෝ සුසුම් මැද ගමම හඬවමින් අසර්බයිජාන්හිදී අවසන් ගමන් ගිය සිසුවියන්ගේ දේහයන් නිවෙස්වලට රැගෙන ආ හැටි - Video
Thursday, 16 January 2020 - 20:26 | Views - 1,673
නොසිතූ මොහොතක අසර්බයිජාන්හිදී ඔවුන්ට අත්වුණු ඉරණම..
සොයුරින් දෙදෙනාගේ අවසන් කටයුතු තුන්බෝවිල සුසාන භූමියේදී..
24 හැවිරිදි අමෝද්‍යා ඉහළ බෝම්රිය සුසාන භූමියේදී සිදුවෙයි..
 
අසර්බයිජානයේ බකු අගනුවර මහල් නිවාසයකදී පසුගිය 09 වනදා ඇතිවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුවියන් තිදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ආවා.
 
දේහයන් පිළිබඳ අවසන් කටයුතු හෙට සහ අනිද්දා සිදුකිරීමට නියමිතයි.

අසර්බයිජානයේ බකු අගනුවර මහල් නිවාසයක විදුලි කාන්දුවක් හේතුවෙන් පහළ මාලයේ ඇතිවූ ගින්නකින් නැගුණු දුමාරයෙන් ඔවුන් මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළා.
 
ඇති වූ ගින්නෙන් 23 හැවිරිදි මල්ෂා සංදීපනී, 21 හැවිරිදි තාරුකී අමායා යන සොහොයුරියන් දෙදෙනා සහ 24 හැවිරිදි අමෝද්‍යා ජයකොඩි යන ශිෂ්‍යාව මියගියා.
 
අනතුරට පත්වන විට ඔවුන් තිදෙනා බකු අගනුවර වෙස්ටර්න් කැස්පියන් විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා හදාරමින් සිටියා.
 
සිසුවියන් තිදෙනාගේ දේහයන් ඊයේ පෙරවරුවේ මෙරටට රැගෙනවිත් ඥාතීන් වෙත භාර දුන් අතර මල්ෂා සංදීපනී හා තාරුකී අමායා යන සොහොයුරියන්ගේ දේහයන් අද අළුයම 1.30 ට පමණ පිළියන්දල - බෝකුන්දර - මහවත්ත ප්‍රදේශයේ ඔවුන්ගේ නිවස වෙත රැගෙන ආවා.
 
23 හැවිරිදි මල්ෂා තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරමින් සිට ඇති අතර 21 හැවිරිදි තාරුකී මෝස්තර නිරූපන ශිල්පය පිළිබද උපාධි පාඨමාලාවක් හදාරමින් සිට තිබෙනවා.
 
ඔවුන් දෙදෙනාගේ දේහයන් පිළිබදව අවසන් කටයුතු හෙට පස්වරුවේ තුන්බෝවිල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
 
මේ අතර කඩුවෙල - පහළ බෝම්රිය - දහම් පාසල් මාවතේ පදිංචිව සිටි අමෝද්‍යා ජයකොඩි ශිෂ්‍යාවගේ දේහයද ඊයේ රාත්‍රී 10 ට පමණ ඇයගේ නිවස වෙත රැගෙන ආවා.
 
24 හැවිරිදි අමෝද්‍යා වෙස්ටර්න් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටියා.
 
ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා පස්වරු 4 ට ඉහළ බෝම්රිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top