දොස්තර හොඳහිතගේ වික්‍රමය
Thursday, 16 January 2020 - 10:04 | Views - 9,249
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ චරිතයට පණ පොවමිනි.

ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමුදීමෙන් පසු මෙම 2020 නව වසරේ, රොබට් ඩවුනි ජූනියර් තවත් අපූරු චරිතයකට පණ පොවයි. ඒ, දොස්තර හොඳහිත හෙවත් ඩොක්ටර් ඩූලිට්ල් ලෙසය.

ඩොක්ටර් ඩූලිට්ල්ගේ වික්‍රම ඇතුළත් ‘ඩූලිට්ල්’ චිත්‍රපටය හෙට (17) සිට ලොව පුරා තිරගත වෙයි.

සත්තු එක්ක කතා කරන ඩූලිට්ල්, සත්තු යහළුවන් පිරිවරා ගනිමින්, රසෝලී නමැති මුහුදු කොල්ලකරුවකු සහ ඔහුගේ පිරිවරින් බේරී වික්‍රමයක යෙදෙයි. ‘ඩූලිට්ල්’ චිත්‍රපටය පාදක වන්නේ මෙම කතාවය.

ඩොක්ටර් ඩූලිට්ල්ගේ චරිතය ඇතුළත් කාටූන්පට පමණක් නොව, සිනමා නිර්මාණ මීට පෙර බිහිවී ඇත. කෙසේ නමුත් රොබට් ඩවුනි ජූනියර් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ඩූලිට්ල්’ චිත්‍රපටය ඒ සැම පරදනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ. ‘ඩූලිට්ල්’ ස්ටීවන් ගගාන්ගේ අධ්‍යක්ෂණයකි.  ස්ටීවන් ගගාන් වඩාත් ප්‍රකට අධ්‍යක්ෂවරයකු ලෙස නොවෙයි තිර රචකයකු ලෙසය.

දොස්තර ඩූලිට්ල්ට සිටින සත්තු යහළුවන් සියල්ල පරිගණක සජීවීකරණ ඇසුරින් නිර්මාණය වී ඇත. එම සතුන්ට හඬ කැවීමේදී හොලිවුඩයේ සුපිරි නළු නිළි කැළක් එක් වී සිටීම සුවිශ්ෂත්වයකි.

මාවල් ස්පයිඩර්මෑන්ගේ චරිතයට පණ පොවන ටොම් හෝලන්ඞ්, එමා තොම්සන්, ගල්ෆ් ෆින්ස්, රාමී මලෙක්, ජෝන් සීනා, සලීනා ගෝමස් ඒ අතර සිටිති.

මුහුදු කොල්ලකාර නපුරාගේ චරිතයට පණ පොවන්නේ, ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු ඇන්තෝනියෝ බැන්ද්‍රේස් ය.

ඩූලිට්ල් සැබැවින්ම අපූරු අත්දැකීමක් වනු ඇති බවත් ලොකු කුඩා කාටත් එය එකසේ රස විඳීමට හැකි වනු ඇති බවත් රොබට් ඩවුනි ජූනියර් පවසා ඇත. රොබට් ඩවුනි ජූනියර්ගේ මීළඟ සිනමා වික්‍රමය වනු ඇත්තේ ‘ෂර්ලොක් හෝම්ස් 3’ චිත්‍රපටයයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top