පැතිර යන උණ රෝගයට බිය නොවන්න - සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
Friday, 10 January 2020 - 8:00 | Views - 1,215
දැනට පවතින උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවත්, අලුත් වෛරසයක් මගින් ඇති වූ හඳුනා නොගත් රෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සෑම වසරකම ඊසාන දිග මෝසම් වර්ෂාපතනය සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කරනවා.

නමුත් පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම ඍතුමය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගින් ඇති කරන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ නොහොත් ෆ්ලූ රෝගී තත්ත්වය උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත්, එය බොහෝ විට ප්‍රතිකාර රහිතවම සුව අතට පත්වන බැවින් බියට පත්විය යුතු නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ගර්භණී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන සහ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදන තත්ත්වය ත්‍රීව්‍ර වීමට හෝ සංකූලතා ඇතිවීමට ඉඩ කඩ ඇති බැවින් එම වයස්වල පසුවන්නන් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කොට ප්‍රතිකාර ලබාගත යුතු බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන්...
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,653 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,430 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
නදීර නෝනිස් ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න කලින් ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට...
Hiru Tv Blog
රිතික් රොෂාන් මුම්බායි හි මුහුදට මුහුණලා ඇති මහල් නිවාස කිහිපයක් මිලදී ගෙන...
Hiru Tv Blog
ප්‍රසංග වේදිකාවේ තම මියුරු ගායන හැකියාවෙන්ම  මෙන්ම සරාගී නර්තන හැකියාව නිසාවෙත්ම...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top