මාංශ කල්‍යාණය යනුවෙන් අදහස් වන්නේ උසට සරිලන මහතින් යුත් සිරුරකින් යුක්ත වීමය.පුද්ගලයකුගේ බර ප්‍රමාණය,වයස,ස්ත්‍රී පුරුෂ භාවය අනුව නියමිත ප්‍රමාණයට තිබිය යුතුය.මෙමෙ ප්‍රමාණය කිමව යාම අධික තරබාරු බව ලෙස හැදින්වේ.මේදය හෙවත් මේදෝ ධාතුව ශරීරය තුල වර්ධනය වීමෙන් හා එක්රැස් වීමෙන් හට ගන්නා අධික තරබාරු බව ආයුර්වේද වෙද්‍ය විද්‍යාවේ ස්ථුලතාව නමින් හැදින්වේ.
තරබාරු බව සදහා බලපාන සාධක,
අධික කැලරි ප්‍රමාණයකින් යුතු ආහාර,පිෂ්ටය හා මේදය බහුල ආහාර ,සේම වඩවන ආහාර නිතර ගැනීමෙන් හා ප්‍රමාණය ඉක්මවා පැණිරස කෑම ගැනීම හා අක්‍රමවත් අයුරින් ආහාර ගැනීමද අධික තරබාරු බවට හේතු සාධක වේ.එදිනෙදා අවශ්‍යතාවයට වැඩ අප අනුභව කරන අහාර වලින් වැඩි කොටස මේදය වශයෙන් සමට යටින් තැන්පත් වී පවතී.වැඩිපුර ශක්තිය වැයවන කාර්යන්හිදී හා ව්‍යායාම කිරීමෙන් තැන්පත් වූ කොටස් දහනව වේ.එසේ නොවුණහොත් එම මේදය තව තවත් වර්ධනය වී අධික තරබාරු බව ඇති වේ.නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීමත්,රාත්‍රී කාලයේ නිදි වැරිමත් දීර්ඝ වෙලාවක් නිදාගෙන සිදිමත් මත්පැන් පානය තරබාරු බවට හෙතුවේ.සමහර බටහිර ඔෂධ දීර්ඝ කාලීනව භාවිත කිරීමේ ප්‍රතිපලයක් ලෙසද තරබාරු බව වර්ධනය වේ.උපත් පාලන පෙති භාවිත කිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙසද තරබාරුව ඇතිවිය හැක.තයිරොයිඩ් වැනි රෝගාබාධ තත්වයන් තුලින්ද තරබාරු බව වර්දනය වේ.බාහිර පෙනුමෙන්ම තරබාරු අය හදුනා ගත හැකි අතර උකුල,දෙකොපුල්,තොල් කලවා,උදරය යන ස්ථාන වල ශරීර මාංශ එල්ල වැටෙන තරමට මේදය වැඩි ඇති බව ශරීර පෙනුමෙන්ම දැකිය හැක.මේ හැමදේටම කදිම විසදුම මේ චීන කටු චිකිත්සාවෙන් ලබා ගත හැකි බව වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය පවසයි එම සංවාදය පහතින්.