කවුරුත් මගහැර ගන්නා, පහසුවෙන් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්
Tuesday, 16 January 2018 - 13:27 | Views - 69,817
කාන්තාවක් තමන්ගේ රූපයේ සුන්දරත්වය වැඩි කරගැනීමට විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා. නමුත් බාහිර ආලේපනවලට වඩා වැදගත් වන්නේ අභ්‍යයන්තරව ලබාදෙන පෝෂණයයි. ඔබගේ සුන්දරත්වය වැඩි කරන්න වගේම නිරෝගීභාවයට හේතු වෙන මෙන්න මේ කියන වටිනා ආහාර අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගෙන සදාකාලික සුන්දරත්වයක් ලබා ගන්න.

01. ගස්ලබු

ගස්ලබු වලත් විටමින් වර්ග සැහෙන්න අඩංගු වෙනවා. ඊට අමවතරව විටමින් A හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්. ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ජුස් එකක් විදියත් භාවිතා කරන්න පුලුවන්. ඒක වඩාත් හොඳයි.

02. දොඩම්

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් දොඩම් මගින් මුහුණේ සමට නව පෙනුමක් ලැබෙනවා. ඒ වගේම දොඩම් වල සමේ අලුත් සෛල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන්.

03. මී කිරි

මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් වුණාට මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික් ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

04. මාළු

මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට ඉතා වැදගත් මේද අම්ල වර්ගයක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා. මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා. විශේෂයෙන් පොඩි මාළු, කුඩා කටු සහිත මාළු නම් ගොඩක්ම හොදයි.

05. බීට්රූට්

බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරය දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්.

06. අර්තාපල්

ආහාරයට ගන්නවට වඩා අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම් තමයි ගොඩාක් හොඳ. ඒ මඟින් මුහුණේ තියෙන අදුරු ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න ඔයාට පුළුවන්.

07. Green Tea

Green Tea සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම්, ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

08. කැරට්

කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට ඔයා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙන සුවිශේෂී පෝෂක කොටස් අපේ සමේ පැහැයට, හිස කෙස් වර්ධනයට, ඇස් පෙනීම වර්ධනය කරන්න උදවු කරනවා. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම නිරෝගී දිදුළන කෙස් කළඹකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා පානයක් විදියට සකස් කර ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

09. ගෝවා මල්

මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් වර්ග රැසකින් පිරිපුන්. ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කළඹක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top