ආයුර්වේද ප්‍රතිකාර වලින් දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකිද..?
Friday, 12 January 2018 - 16:10 | Views - 8,279
දියවැඩියාව හෙවත් මධුමේහයට ගොදුරු වන පිරිස වර්තමානයේ ඉතා ශීඝ්‍රව වර්ධනය වන බවක්‌ දක්‌නට ලැබෙනවා. ආහාර රටාවේ වැරදි පුරුදු, ව්‍යායාම නැතිකම, අධික ලෙස සිනි භාවිතය මිට ප්‍රධාන හේතුවක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. දියවැඩියාව සදහා ආයුර්වේද ප්‍රතිකාර ගැනයි මේ.

දියවැඩියා රෝගය බහුල වීමට බලපා ඇති හේතුවක්‌ තිබෙනවාද?
වර්තමානයේ අප සමාජයේ කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු පුද්ගලයන් දක්‌වා දිනපතා ආහාරයට ගන්නේ වස විස සහිත ආහාර වර්ග. මේවායේ වස විස විතරක්‌ නෙමෙයි සීනි සහිත බවත් අධිකයි. එනිසා අපගේ රක්‌ත දූෂිත වීමක්‌ හෙවත් රුධිරය දූෂණයට ලක්‌වීමක්‌ සිදුවෙනවා. මෙසේ රුධිරය දූෂිත වූ විට ලෙඩ රෝග ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඉතිං දියවැඩියාවටත් හේතුවන රුධිර සීනි බහුලවීම නිසා පාසල් යන දරුවන්ගේ පවා වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමක්‌ දක්‌නට ලැබෙනවා.
 
මෙම තත්ත්වය වළක්‌වා ගන්නේ කෙසේද?
මේ සඳහා කළ යුත්තේ සීනි අධික ආහාරපාන ගැනීම සීමා කිරීමයි. එළවළු වර්ග, පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම කළ යුතුයි. සීනි අධික පැණිබීම වෙනුවට කොළ කැඳ වර්ග, කොත්තමල්ලි තැම්බූ වතුර ආදිය ගැනීම ගුණදායකයි.
 
දියවැඩියා රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන්ගේ ශරීරය ඉතා ඉක්‌මනින් වැහැරීමට ලක්‌වීම හෙවත් කෙට්‌ටු වීමක්‌, ස්‌නායු දුර්වලවීමක්‌ තුවාල ඇති වූ විට සුවවීම ප්‍රමාදවීමක්‌ දක්‌නට ලැබෙනවා. ඊට බලපා ඇති හේතුව කුමක්‌ද?
දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ශරීරයේ ඇති පෝෂ්‍ය කොටස්‌ ශරීරය තුළ තැන්පත් නොවී ශරීරයෙන් බැහැරවීමයි. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. එසේ වූ විට සිරුර කෙට්‌ටු වෙනවා. ඇස්‌ පෙනීම දුර්වල වෙනවා. නිතර තෙහෙට්‌ටුවක්‌ ඇති වෙනවා. පිපාසය දැනෙනවා. අලස බවක්‌ මතු වෙනවා. මේ සියල්ලටම බලපාන්නේ ශරීරයෙන් පෝෂ්‍ය කොටස්‌ බැහැර වී වෙන නිසයි.

මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් සිදුවන්නේ රෝගය දරුණු වී ස්‌නායු අඩපණ වීම, තුවාල ඇති වූ විට ඉක්‌මනින් සුව නොවීම ආදියයි. මෙහි දරුණුම තත්ත්වය වන්නේ තුවාල සිරුර පුරා ඔඩුදුව ගොස්‌ අතපය ඇඟිලි කපා දැමීමට ආදිය සිදුවීම.
 
දියවැඩියාව පාලනය කරගැනීමට ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද?
 
ආයුර්වේදයේ දියවැඩියාව සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ශාකසාරවලින් නිපදවන ඖෂධ වර්ග තිබෙනවා. ඒවා නිවැරදි වෛද්‍ය උපදෙස්‌ අනුව භාවිත කරමින් ආහාරපාන ගැනීම ද නිවැරදි අයුරින් සිදුකළ විට මතුව ඇති දියවැඩියා රෝගය පාලනය කිරීම හෝ නිට්‌ටාවට සුව කිරීම සිදුකළ හැකියි.
 
මෙහිදී රෝගීන් සතුව විශාල වගකීමක්‌ තිබෙනවා. බොහෝ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණියත් ප්‍රතිකාර ලෙසින් ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත කරන්නේ නැහැ. ආහාරපාන නිසි පාලනයකින් යුතුව ගන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට කොතරම් හොඳ ඔෂධ වර්ග ලබාදුන්නත් රෝගය සුව කරන්න බැහැ.
 
නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන තම එදිනෙදා ජීවිතය සකස්‌ කරගත්තොත් මාස හයක්‌ යන විට තමාට මතුව ඇති දියවැඩියා රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන් බව සහතික විය හැකියි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top