'ගැස්ට්‍රයිටිස්' හැදෙන හැටි සහ මිදෙන හැටි
Tuesday, 17 December 2019 - 12:55 | Views - 9,287
ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් එනම් Microscopic Changes ලෙස හෝ එන්ඩොස්කොපි පරීක්ෂණයේදී දකිනා ලෙස සියුම් රත් පැහැගැනීමක් (Erythema) සීරීම් වැනි තුවාල (Erosions) හෝ ගැඹුරු තුවාල (Ulcers) ලෙස නීරීක්ෂණය කළ හැකිය.

හේතු සාධක

හෙලිකොබැක්ටර් පයිලොරි (H.Pylori) නම් බැක්ටීරියාව නිසා ග්‍රහණියේ හා ආමාශයේ ඇතිවන ආසාධිත තත්ත්වය. මෙය අපිරිසිදු ආහාර හා පානීය ජලයෙන් ඇතිවිය හැකිය.
මධ්‍යසාර පානය – ශ්ලේෂ්මල පටලයට කෙළින්ම බලපෑම නිසා ඇතිවන හානිකර තත්ත්වයක්.
දුම් පානය – කෙළින්ම ශ්ලේෂ්මල පටලයට හානිදායක වන අතර රුධිර වාහිනීවල අවහිරතා නිසා බිත්තියට වහනය වන රුධිරය අඩුවීම නිසා ද ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවිය හැකිය.
ඖෂධ නිසා ඇතිවන තුවාල – විශේෂයෙන්ම වේදනානාශක ඖෂධ වර්ග, ස්ටීරොයිඩ් නොවන ඖෂධ වර්ග, ස්ටීරෙයිඩ, ප්‍රධාන වශයෙන් මේ සඳහා බලපෑම ඇති කරයි.
අධික ලෙස මිරිස්, තුනපහ, මේද ආහාර නිසාත් කල්තබා ගැනීමට යොදාගන්නා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, වර්ණකාරක හා රසකාරක ද ශ්ලේෂ්මල පටලයට හානිකර විය හැකිය.
මානසික ආතතිය – මොළය හා ආමාශය සම්බන්ධ කරන සේනායුජ ස්නායුව (Vagus) හරහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩිපුර ස්‍රාවය වීම නිසාත්, බිත්තියට ලැබෙන රැධිර සංසරණයේ අඩුවීමක් නිසාත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවීමට ප්‍රවණතාවයක් ඇත.
ගැස්ට්‍රික් හෝමෝන අධික ලෙස ස්‍රාවය කරන ගැස්ට්‍රින් නම් ගැටිති නිසා අධික ලෙස හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වී ඇතිවන තුවාල (Zollinger Ellison Syndrome )
රෝග ලක්ෂණ

උදරය ඉහළ මැද (Epigastrium)  කොටසේ දැවිල්ලක් හෝ තද කරනවා වැනි කැක්කුමක් හෝ කුසගිනි සංකෝචන උග්‍ර ලෙස දැනෙනවා වැනි වේදනාවක්.
බඩ පුරවා දැමීම – විශේෂයෙන්ම ආහාර ගැනීමෙන් පසු (Distension)
වායුවක් උගුරට ඒම (Eructation)
ආහාර කොටස් හෝ තිත්ත ඇඹුල් රසට උගුරට ඒම(Regurgitation)
ආහාර අරුචිය.
ඔක්කාරය හා වමනය යාම.
ලේ වමනය වීම (Hematemesis)
gastritis GettyImages 1127138614

රෝග විනිශ්චය සඳහා පරීක්ෂණ

වර්තමාන ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ ගැස්ට්‍රයිටිස් රෝගයට හේතු හඳුනාගැනීමට ඇති හොඳම පරීක්ෂණය නම් එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණයයි. කැමරාවක් හා ආලෝක ධාරාවක් සහිත නම්‍යසුළු නාලාකාර උපකරණයක් ගලනාලය තුළින් උදරයට යවා ගලනාලයේ ආමාශයේ හා ග්‍රහනියේ මුල් කොටසේ ඇති රෝගි තත්ත්වයන් හඳුනාගත හැකිය. පිළිකාවක් පිළිබඳ සැක මතු වුවහොත් එම උපකරණය තුළින්ම වැඩිදුර පරීක්ෂණ සඳහා පටක ලබාගත හැකිය. (Biopsy)

සංකූලතා

ආමාශයේ තුවාල ඇතිවීම – රෝගියා ආහාර ගැනීමට බියවීම නිසා ශරීරය කෘෂ වීම.
ග්‍රහනියේ තුවාල ඇතිවීම – ආහාර ගැනීමෙන් එය අඩුවන නිසා නිතර නිතර ආහාර ගෙන ස්ථුලභාවයට පත්වීම.
රුධිරය වහනයවීම – ලේ වමනය යාම හෝ කළු පාටින් මලපහ යාම (Hematemesis/ Melena)
තුවාල පුපුරා අම්ල හා ආහාර ද්‍රව්‍ය පරිතාන කුහරයට නිකුත් වී පෙරිටනයිටිස් (Peritonitis) තත්ත්වය ඇති වීම.
තුවාල සුවවීමෙදී පටක ඝන වී ආහාර මාර්ගය අවහිරවීම (Gastric Outlet Obstruction (GOO)
එම තුවාල කාලයක් ගතවී පිළිකාවක් බවට පත්වීම (Gastric cancer)
ප්‍රතිකාර ක්‍රම – ඖෂධ වර්ග

ආම්ලිකතාවය අඩුකරන හෝ උදාසීන කරන භාෂ්මික ඖෂධ (Antacids)
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය කිරීම අඩු කිරීමට එහි යාන්තණයේ ප්‍රතිග්‍රාහක අවහිර කරන ඖෂධ (H2 Receptor blockers)
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හයිඩ්‍රජන් අයන පොම්පය අකර්මණ්‍ය කරනා ඖෂධ (Proton Pump Inhibitor (PPI))
ශල්‍යකර්ම

වර්තමානයේ ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ශල්‍යකර්ම කරන්නේ කලාතුරකිනි. සේයානුජ ස්නායුව (vogues) විච්ඡේදනය කිරීම, අම්ල ස්‍රාවය කරන ආමාශයේ කොටසක් කපා ඉවත් කිරීම (Antral Gastrectomy)  එලෙස කරනා ශල්‍යකර්ම වේ.

ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වාගත හැකි ක්‍රම

ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය විටින් විට දවස පුරා පානය කිරීම.
ආහාර ජීර්ණයට පහසු වන සේ හොඳින් සපා කෑම.
නියමිත වේලාවට ආහාර ගැනීම.
ආහාරවල මිරිස්, තුනපහ වැනි දේ මඳ ප්‍රමාණයට ගැනීම.
අධික මේද ආහාර හා පිළිස්සූ ආහාර ගැනීමෙන් වැළකීම (Barbecue)
දුම් පානය, මධ්‍යසාර, බුලත් කෑමෙන් වැළකීම.
මානසික ආතතිය අඩු කර ගැනීමට කළ හැකි දේ අනුගමනය කිරීම – සංගීතය, භාවනා, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්.
පිරිසිදු ආහාර ගැනීමට නිතරම කල්පනාකාරී වන්න.
වර්ණකාරක, රසකාරක, කල් තබාගැනීමේ ආහාර වර්ග නිතර ගැනීමෙන් වැළකීම.
- විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top