Apple සමාගම දෝෂයන් දෙකක් ගැන හෙළිකරයි
Wednesday, 10 January 2018 - 12:45 | Views - 4,738
ප්‍රොසෙරයන්ගේ දෝෂයන් දෙකක් iOS සහ Mac උපාංග  වෙත බලපෑ බව Apple සමාගම අද (05) පවසා සිටියේය.

එය Apple වොච්වලට බලපා නැති මුත් අනෙකුත් සෑම iOS සහ Mac උපාංගයක් වෙතම පාහේ එය බලපාන්නට ඇති බවය.

ඒ අනුව මේ වනවිට නව මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක් එම උපාංග වෙත එවා ඇති අතර හැකි ඉක්මනින් අදාළ උපාංග නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසද දන්වා සිටියි.

ඊයේ (04) දිනයේ වූ බලපෑ Spectre සහ Meltdown දෝෂ දෙක උපාංග බිලියනයකට අධික ප්‍රමාණයකට බලපා ඇති බව කියැවෙන අතර, මෙම දෝෂ දෙකෙන් ප්‍රයෝජන ගෙන විශාල ලෙස පෞද්ගලික දත්ත පිටතට ඇදීමක් දක්වා හැකර් ප්‍රහාරයක් දියත් වීමට පෙර ඔබේ උපාංග නියමිත දින දක්වා යාවත්කාලීන කිරීම වඩා යෝග්‍යය.

දැනට Intel සමාගමෙන් නිෂ්පාදිත චිප් පද්ධති තුළ පමණක් දැකිය හැකි වන Meltdown දෝෂය නිවාරණයට iOS 11.2, macOS 10.13.2, සහ tvOS 11.2 යන යාවත්කාලීනයන් Apple ​සමාගම නිකුත් කර ඇති අතර Spectre වෙත මුහුණදීමට හැකි යාවත්කාලීනයන් Safari බ්‍රවුසරය හරහා නුදුරේදීම නිකුත් කරනු ඇත.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top