බලු සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ප්රදේශයක් ගැන ඔබ අසා තිබෙනවද?
ඒ තමයි
Land of The Strays . .
මේ අපූරු ස්ථානය පිහිටා තිබෙන්නේ
මධ්යම ඇමරිකාවේ Costa Rica නම් ප්රදේශයේ. බලු සුරතලුන්ට ආදරේ පිරිසක් එකතුවෙලා තමයි මේ අපූරු ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ඔවුනට නිදහසේ සොබාදහමත් සමග මුසු වෙමින් හිතේ හැටියට දුවල පැනල ඉන්න පුළුවන්..
ඕනෑම කෙනෙකුට පුළුවන් මෙතනට ඇවිත් තමන්ගේ බලු සුරතලත් සමග විනෝද වන්න වගේම මෙතනින් කැමති සුරතලෙක් නොමිලේම තමන්ගේ ගෙදරට හදාගන්න අරන් යන්න.. බලන්න ඔවුන් කොයිතරම් විනෝදෙන් ඉන්නවද කියල?
අහිංසක සතුන්ට වද හිංසා කරන , ඔවුන්ගේ කුසගින්න ඔවුන්ගේ ජිවිත ගැන හිතන්නේ නැති , ආත්මාර්ථකාමී සමාජයක මේ වගේ දෙයක් නිර්මාණය කර ඔවුන්ගේ ජිවිත වලටද සතුටක් එක් කල ඒ මිනිසුන් කොච්චරනම් උතුම්ද..
ජායාරූප කිහිපයක් පහතින්...


වීඩියෝව පහතින් බලන්න ...
අපි අපේ ජිවිත වලට ආදරේ කරන තරමටම අහිංසක සතුන්ටත් , සොබදහමටත් ආදරේ කරමු. අපිව ආරක්ෂා කරනවා සේම ඔවුන්වත් මේ සොබාදහමත් ආරක්ෂා කරමු. ඒ නිසා හැකි සෑම විටකදීම කෙසේ හෝ කාට හෝ උදවු කරන්න..