ගර්භාෂයේ උෂ්ණත්වය වැඩිවීමත් දරු පිළිසිඳ ගැනීම් පමා කරනවා
Monday, 09 December 2019 - 8:17 | Views - 3,098

නවීන ලෝකයේ දරු උපත් පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වන අතර ඉතා නිරෝගී දරුඵල ලබාගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරන අතර දියුණු රටවල දරුඵල අඩුවීම ගැන එතරම් සැලකිල්ලකට භාජන නොවේ. කෙසේ වෙතත් අප රටේ එනම් ශ්‍රී ලංකාව තුළ පවතින සංස්කෘතිය සහ පවුල් අතර බැඳීම තුළ ඉතාමත්ම වැදගත්ම සංකේතය දරුඵල බව අමුතුවෙන් කිවයුතු නැත. දැනට ශ්‍රී ලංකාවේ අලූතින් විවාහ වන යුවළ අතර ගැටලූසහගත තත්ත්වයකට මුහුණ පා ඇත්තේ දරුඵල අහිමිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම තුළය. මේ නිසාවෙන් පවුලක් තුළ සමගිය අහිමි වී යන අතර එතුළින් දික්කසාද වීම් ඉතාමත් බහුලව පවතින කනගාටුදායක අවස්ථාවක් බව කිව හැකිය.
සතියේ දිනෙක ශ්‍රී ලංකාව තුළ සෑම උසාවියකම අඩුම තරමින් දික්කසාද නඩු සිය ගණනින් ගොනුවීමේදී ඒ සඳහා ප්‍රධාන එක් කාරණාවක් ලෙසින් දරුවන් නොමැති වීම පෙන්වාදීමට පුළුවන.
මෙම ශෝචනීය අවස්ථාවට මුහුණ දෙන නූතන විවාහක ජෝඩු පන්සල්, පල්ලි, දේවාල සොයා යමින් යන්ත්‍ර මන්ත්‍ර කෙම්ක්රම මෙන්ම ශාස්ත්‍රකරුවන්ට රැුවටී, එයට ගොදුරුවී කාලයත්, මුදලක් නාස්තිකර ගන්නා අවස්ථා සමාජය තුළ අනන්තවත් දක්නට ලැබේ.
දරුවන් නොමැතිවීම පිළිබඳ ගැටලූවේදී විදේශීය වෛද්‍යවරුන් පවා ශ්‍රී ලංකාවට පැමිණ ඒ වෙනුවෙන් කි‍්‍රයාකරන අයුරු දක්නට ඇත.
දරුඵල ප්රමාදවීමේදී ප්‍රථමයෙන් අප කළයුතු වන්නේ අපට දරුඵල ප්‍රමාද වීමට හේතු කුමක්දැයි සොයා බැලීමයි.
බොහෝවිට ජාන අනුව දරුඵල නැතිවන අවස්ථා තිබේ. නවීන විද්‍යානුකූලව පරීක්ෂණ මගින් මෙයට හේතු සාධක සොයා ගැනීමේ අවස්ථාව ඇත. දෙදෙනෙක් එකතුවීමේදී ඇතිවන කි‍්‍රයාවලිය එකවර සාර්ථක නොවී නම් දරුවෙක් පිළිසිඳ ගැනීමේ ප්‍රවණතාව ඉතාමත්ම අඩු තත්ත්වයක පවතින බව අප කවුරුත් දන්නා දෙයකි. එසේ නම් දෙදෙනාගේම හෝ එක් පාර්ශවයකින් යම් කිසි ශාරීරික දුර්වලතාවක් හෝ ශක්තියේ අඩුකමක් නිසා මෙය සිදුවිය හැක.
දරුවෙක් පිළිසිඳ ගැනීමට ඉතාමත්ම සරු ඩිම්බයක් සහ නිරෝගිමත් ශුක්‍රාණුවක් එකතු විය යුතු අතර මෙය තැන්පත් වන එසේත් නැතිනම් කලලය වර්ධනය වන ගර්භාෂය එයට සුදුසු පරිදි නිරෝගිමත්ව පැවතිය යුතුය.
යම්කිසි කාන්තාවකගේ ශාරීරික උෂ්ණත්වය එසේත් නැතිනම් ගර්භාෂයේ උෂ්ණත්වය වැඩි මට්ටමක පවතී නම් පිළිසිඳ ගැනීමක් සිදුවුවත් කලලය කෙටි කලකදී ගර්භාෂයෙන් ඉවත්වීමට ගර්භාෂයම හේතු සාධක වේ. එය ස්ති‍්‍රයකගේ ශාරීරික උෂ්ණත්වය, ශක්තිමත්භාවය සහ නිරෝගිමත්භාවය තුළ පවතින කි‍්‍රයාවලියකි.
පුරුෂයාගේද ශරීර ශක්තිය නිරෝගිමත්ව තිබිය යුතුය. පුරුෂයන් නිතරම දරුවෙක් ලබාගැනීමේ අරමුණින් තමාගේ ශක්තිය වර්ධනය කර ගත යුතුය. කාන්තාවකට මෙන් නොව පුරුෂයාගේ ශරීර ශක්තිය ගැන පැවසීමේදී එහි අදහස වන්නේ ඩිම්බයක් තුළට ශුක්‍රාණුවක් වේගයෙන් ගමන්කර එය කලලයක් බවට පත්කිරීමේ හැකියාවයි. මෙම ශක්තිය පුරුෂයාගේ පුරුෂශක්තිය යනුවෙන් හඳුන්වනු ලැබේ.
අප ගන්නා ආහාර පාන, අපගේ පැවැත්ම විශේෂයෙන් මත්ද්‍රව්‍ය, සිගරට් වැනි දෙයට ඇබ්බැහිවීම්, අධික මහන්සිය නිදිවැරීම මෙන්ම යම් ඇබ්බැහිවීම් තුළ දරුඵල අහිමිවීමට ඉතාමත්ම ප්‍රවණතාවක් ඇත.
දේශීය වෛi විiාව තුළ දරු පිළිසිඳ ගැනීම වෙනුවෙන් වෙනමම ඇවතුම් පැවතුම් සහ පිළිවෙත් සටහන් වී තිබෙන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙන් බව කිව හැකිය. අතීතයේදී ගැමි ගෙදරක එවැනි වූ ඇවතුම් පැවතුම් තුළ විවාහක යුවළක් කල්ගත කළේ ස්වාභාවික පරිසරය සමඟ ගැටුණු ජීවිකාවක් තුළය.
එහෙත් අද සියලූ දේ යාන්ත්‍රීකරණය වී තිබීමේදී ආහාර පාන පවා කෘති‍්‍රමව සැකසූ ඒවාය. දරුඵල ප්‍රමාද වීමේදී ලබාගන්නා ඇතැම් බටහිර ඖෂධ පාවිච්චියෙන්, ඇතැම් උපත් පාලන ක්‍රම භාවිතය නිසාවෙන් දරුවන් ප්‍රමාද වන තත්ත්වයක් බොහෝ තැනෙකදී දක්නට ඇත.
දරු සම්පතක් ලබාගැනීමට සූදානම් වීමේදී දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද නම් සන්සුන් මනසින් නිවැරදි ක්‍රමවේදයක් යටතේ නිසි ප්‍රතිකාරයට යොමුවීමෙන් ප්‍රමාද වූ දරු සම්පත් ලබාගත් පිරිස අප අතරත් කොකෙතුත් සිටීමේදී බොහෝ පිරිස අපටම අනන්‍ය වූ දේශීය වෛi ක්‍රමය හරහා ඊට අනුගතව ආහාර පාන, ඇවතුම් පැවතුම් තුළ ජීවිතය හැඩගස්වා ගත් යුවළ බව පෙනේ.
Share This Article