සැෆ්රන් කියන්නේ තමන්ගේ රූපය පිළිබඳව සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන ගැහැනු පිරිමි හැමෝටම ආරක්ෂාකාරීව අතුරු ආබාධවලින් තොරව සම ලස්සන කර ගැනීම සඳහා භාවිත කළ හැකි ඔෟෂධීය වටිනාකමක් තිබෙන දෙයක්. සැෆ්රන් නොහොත් කුංකුම මඟින් සම පැහැපත් කිරීම, සම අවපැහැගැන්වීම වැළැක්වීම, සමේ තෙතමනය ආරක්ෂා කොට සමට දීප්තිය ලබාදීම ආදී ප්‍රයෝජන රාශියක් ලබාදෙනවා.
මුහුණේ සම පැහැපත් කර ගැනීම සඳහා සුදුසු සැෆ්රන් සත්කාරයක්
අවශ්‍ය ද්‍රව්‍ය
* සැෆ්රන් කුඩු ග්‍රෑම් 2ක්
* යෝගට් තේ හැඳි 2ක්
* මී පැණි බින්දු 8ක්
සාදාගන්නා ආකාරය
පිරිසුදු භාජනයක් ගෙන එයට සැෆ්රන් කුඩු, යෝගට්, මීපැණි යන ද්‍රව්‍ය සියල්ල දමා හොඳින් මිශ්‍රකොට තරමක් ගනකම් මිශ්‍රණයක් සාදාගන්න.
භාවිත කරන ආකාරය
පිරිසුදු කරගත් මුහුණේ මෙම මිශ්‍රණය ආලේප කොට විනාඩි 10ක් -15ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.
මෙම සත්කාරය සතියකට දින දෙකක් පමණ සිදුකිරීමෙන් ඔබට ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
ශරීරයේ අවපැහැගැන්වී ඇති ස්ථාන ඉතා ඉක්මනින් පැහැපත් කර ගැනීමට සුදුසු සැෆ්රන් සත්කාරයක්
අවශ්‍ය ද්‍රව්‍ය
* සැෆ්රන් තේ හැඳි - 2ක්
* සුදුහඳුන් කුඩු තේ හැඳි 2ක්
* එළකිරි හෝ Fresh milk ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සැෆ්රන් රේණු තේ හැඳි 2ක ප්‍රමාණය බ්ලෙන්ඩර් කොට කුඩු කරගන්න. ඉන්පසුව පිරිසුදු භාජනයක් ගෙන එයට සුදුහඳුන් කුඩු, සැෆ්රන් කුඩු එකතුකොට එළකිරි හෝ Fresh milk ස්වල්පය බැගින් එකතු කරමින් පදමට පේස්ට් එකක් සාදාගන්න.
භාවිත කර අකාරය
ශරීරයේ අත් පා ආදී අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කොට විනාඩි 30ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දෙවතාවක් හෝ සතියකට වරක් භාවිත කිරීම සුදුසුය.
ශරීරයේ සම ඉක්මනින් පැහැපත් කර ගැනීමට සුදුසු සැෆ්රන් සත්කාරයක්.
සැෆ්රන් රේණු කිරිවල දමා (එළකිරි හෝ Fresh milk) පැය 2කට පමණ පසු ශරීරයේ ආලේප කරන්න. මේ සඳහා කිරි මේස හැඳි 4ක ප්‍රමාණයක් සඳහා සැෆ්රන් තේ හැඳි 1ක් ප්‍රමාණවත් වේ.
කුරුලෑ සහිත සමට සුදුසු සැෆ්රන් සත්කාරයක්
අමු කෝමාරිකා යුෂ සමඟ සැෆ්රන් තේ හැඳි 2ක් පමණ මිශ්‍ර කොට කුරුලෑ තිබෙන සම මත ආලේප කොට විනාඩි 10-15ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න.
වියළි සමට සුදුසු සැෆ්රන් සත්කාරයක් අවශ්‍ය ද්‍රව්‍ය
* සැෆ්රන් තේ හැඳි - 2ක්
* කිරි (එළකිරි හෝ /fresh milk) මේස හැඳි 2ක්
* දෙහි යුෂ බින්දු - 08ක් පමණ
භාවිත කරන ආකාරය
භාජනයක් ගෙන ද්‍රව්‍ය සියල්ල එකතු කොට හොඳින් මිශ්‍ර කොට මිශ්‍රණයක් සාදා සම මත ආලේප කොට විනාඩි 15ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න.
දිනූෂා මනෝරි නිශ්ශංක