හොඳ මී පැණි හා හොර මී පැණි වෙන් කරගන්න හැටි දන්නවද? නැත්නම් මේක කියවන්න...
Thursday, 09 March 2017 - 19:36 | Views - 12,726
මී පැණි කියන්නේ ඉතා වටිනා ඖෂධයක්. මී පැණිවල තියෙන විශේෂ ගුණයක් වන්නේ යෝගවාහී ගුණයයි. ඒ කියන්නේ ශරීරයේ ඕනම සියුම් නාලයක් තුළින් පවා පහසුවෙන් ගලා යාමට හැකිවීමයි.

ඉතා උසස් තත්වයේ මී පැණි දුර්ලභ වන අතර මිලෙන් ද ඉහළ අගයක් ගනී.

මී පැණිවල ඇති පිරිසිදු භාවය හා තත්වය මතද එහි ඇති ගුණ අගුණ වෙනස්වේ.

වර්තමාන වෙළෙඳපලේ බොහෝ ලෙස බාල තත්වයේ මී පැණි විකිණීමට ඇත. ඒවා හඳුනා ගැනිමට සරල උපක්‍රම කිහිපයක් මෙම ලිපියේ අන්තර්ගතවේ.

  • පිරිසිදු මි පැණි සුනඛයන් නොකන බව කියනු ලැබේ.
  • ගිනිකූරක බෙහෙත් තුඩ මී පැණියෙන් තෙමා ගැසූ විට ක්ෂණිකව දැල්වේ නම් ඒ මී පැණි හොද මී පැණි යැයි පිළිගැනේ.
  • හොද මී පැණි පිරිසිදු ජල විදුරුවකට දැමූ විට කෙලින්ම පහලට ගමන් කරයි. ස්වල්ප වේලාවකින් දිය විම ඇරඹේ.
  • කන හුණු අල්ලේ තවරා ඒ මත මී පැණි ආලේප කර ඒ දෙක හොදින් කලවම් කල විට අතට මද රස්නයක් දැනේ නම් එයද හොද මී පැණි හදුනා ගැනීමේ ලක්ෂණයකි.
  • පිරිසිදු මී පැණි සාමාන්‍යයෙන් බර වැඩිය.
  • කඩදාසියක් මතට දැමුවිට කඩදාසියට උරා ගැනීමක් සිදු නොවේ.
  • අමිශ්‍ර පිරිසිදු මි පැණි භාජනයක දමා හොදින් කට වසා සීල් කර තැබිය හැක. උතුරන්නේ නැත.
  • ගින්නට දැමූ විට ශබ්ද නොනගාම ඉතා ඉක්මනින් දැවී යයි.
  • සීනී හෝ වෙනත් පැණි වර්ග මිශ්‍ර කර ඇත්නම් මිශ්‍රනය ගල් වී බුල්ටෝ වැනි ඝන තත්ත්වයට පත්වේ.
  • දෙහි යුෂ, කන හුණු, මී පැණි මිශ්‍රකර තැටියක දමා ලිපේ තබා රත් කරමින් කූරු ගාන විට හොද මී පැණි දියරයක් සාදයි.
  • අර්ධ වශයෙන් විනිවිද පෙනෙන මිහිරි/මධුර රසැති මී පැණි හොදය.
  • ආවේනික රසක් සහ සුවදක් හොද මී පැණි වලට ඇත.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top