ඔබත් බෙල්ල, අත්යට,වැලමිට සහ දණහිස් කළු පාට නිසා පීඩා විදින කෙනෙක්ද...?
Thursday, 09 March 2017 - 13:53 | Views - 73,201



බෙල්ල අවට කළු සමට අත් බෙහෙත්


1. කෝමාරිකා



කෝමාරිකා සම පැහැපත් කරයි. සෛල අලූත්වැඩියා සහ නිපදවීම කරයි. කෝමාරිකා කොළයකින් ජෙල් සුරා එලියට ගෙන බෙල්ල අවට ආලේප කර විනාඩි 20ක් පමණ සිට සෝදා හරින්න. දවසක් හැර දවසක් පාවිච්චිය වැඩි ප‍්‍රතිපල ගෙනදෙයි.

2. බේකිං සෝඩා



බේකිං සෝඩා කළු පැහැති සහ අඳුරු පැහැති පැච් නැති කිරීමට උදවු වෙයි. බේකිං සෝඩා කොටස් 3ක් වතුර කොටස් 1 කට මිශ‍්‍ර කර තලපයක් ලෙස සදා ගන්න. මෙම තලපය බෙල්ලේ ගලවා විනාඩි කීපයකින් පසු සෝදා හරින්න.
සතියට දෙවරක් කරන්න.

3. අර්තාපල් අල




අර්තාපල් අල වල ඇති Cඅටෙචොලසෙ නම් රසායනය සම පැහැපත් කරයි. ගෙල වටා අර්තාපල් අඹරා හෝ අර්තාපල් යුෂ ගා විනාඩි 15ක් තබා අයිස් වතුරින් ගෙල සෝදාහරින්න.

ලෙමන් යුෂ හා අර්තාපල් යුෂ එකට මිශ‍්‍ර කර බෙල්ලේ ආලේප කර විනාඩි 15-20 තබා ඉන්පසුව අයිස් වතුරින් ඔබේ ගෙල සෝදාහරින්න.


අත යට කළු සමට අත් බෙහෙත්


1. පිපිඤ්ඤා



පිපිඤ්ඤා වල සම පැහැපත් කිරීමේ ගුණ පැවති. පිපිඤ්ඤා යුෂ සමග දෙහි යුෂ මිශ්‍ර කර එයට කහ පොඩ්ඩක් එකතු කරන්න. ලෙමන් මැරුණ සෛල ඉවත් කරයි. පිපිඤ්ඤා සම සිසිල් කරයි. කහ අවර්ණ වීම වලකයි. රවුමට කපාගත් පිපිඤ්ඤා අත යට අතුල්ලන්න. එසේම පිපිඤ්ඤා යුෂ ආලේප කරන්නද පුළුවන්.

2. කිරි



කිරිවල ඇති විටමින් සහ මේද අම්ල අඳුරු සම නැති කිරීමට උදවු වේ.

කිරි මේස හැදී 2 ක්

පිටි මේස හැදී 1 ක්

මුදවපු කිරි මේස හැදී 1 ක්

කිරි, මුදවපු කිරි සහ පිටි එකට එකතුකර තලපයක් ලෙස සදා ගන්න.අත යට මෙය ගලවා විනාඩි 15කට පමණ පසු සෝදා හරින්න.


3. කඩල පිටි



කඩල පිටි මේස හැදි 2 ක්

යෝගට් මේස හැදි 1 ක්

ලෙමන් යුෂ මේස හැදි 1 ක්

කහ කුඩු ස්වල්පයක්

සියල්ල එකට එකතුකර මෘදු තලපයක් වන ලෙස අබරා ගන්න. අත යට මෙය ගලවා පැයකට පමණ පසු සෝදා හරින්න. සති දෙකක් දිනපතා පාවිචිකරන්න. ඉන් පසු සතියට දෙවරක් පාවිචිකරන්න.



වැලමිට සහ දනිස් වල කළු සමට අත් බෙහෙත්



1. ලෙමන්



ලෙමන් මැරුණ සෛල ඉවත් කර සමට උදව් උපකාර වන විටමින් C බහුල වේ. එසේම සෛල උත්තේජනය කළ හැකි ගුණයෙන් නිරෝගී සෛල නිපදවයි.

ඔබගේ වැළමිට හා දනිස් වල ලෙමන් යුෂ ගල්වා මෘදුව විනාඩි කීපයක් අතුල්ලන්න. විනාඩි 20කට පමණ පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එක ලෙමන් ගෙඩියක යුෂ සහ මී පැණි මේස හැදි 1ක් සමග මිශ්‍ර කර ගල්වා විනාඩි 20ක් පමණ සිට සෝදා හරින්න.

2. සීනි



සමේ මැරුණු සෛල ඉවත් කරයි. සීනි සහ ඔලිව් තෙල් හා සමාන ප‍්‍රමාණ එකට මිශ්‍ර කර ඝන තලපයක් ලෙස සකස් කර ගන්න. රවුම් ආකාරයට විනාඩි 5ක් පමණ අතුල්ලමින් වැලමිට සහ දනිස් වල ආලේප කරන්න. මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනපතා  සමේ පැහැය අඩු වනතෙක් කරන්න.








-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top