නිදන ඇඳන්, Wifi තාක්ෂණය වැනි නවීන පහසුකම්වලින් සමන්විත අනාගතයේදී එන අධි සුඛෝපභෝගී බස් රථය මෙන්න
බස් රථය කියන්නේ සාමාන්ය ජනතාවගේ පොදු ප්රවාහන ක්රමයක්. වර්තමානය වනවිට විවිධ බස් රථ අපට දකින්නට ලැබෙනවා. සාමාන්ය බස් රථ, වායුසමීකරණය කරන ලද බස් රථ, සුඛෝපභෝගී බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ ආදී විවිධ වර්ගවලින් බස් රථ තිබෙන බවනම් සාමාන්ය කරුණක්. නමුත් මෙම ලිපියෙන් කියවෙන්නේ බ්රිතාන්ය බස් රථ නිපදවීමේ සමාගමක් මගින් අනාගතයේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන අධි සුඛෝපභෝගී බස් රථයක් පිළිබඳවයි.
එම වාර්තාවේ සඳහන්වන ආකාරයට මෙම බස් රථය නිපදවීමේ මූලික අරමුණ වී තිබෙන්නේ රාත්රී මුර සේවා නිමකර තම නිවසට දීර්ඝ ගමනක් යන ජනතාවට ඉතාමත් සුව පහසු ලෙස ගමන් කිරිමේ හැකියාවක් ලබාදීමයි.
මෙම බස් රථය තුල නිදන ඇඳන්, USB චාජර්ස්, Wifi පහසුකම්වලින් සමන්විත වන අතර නවීන මෘදුකාංගයක් මගින් ඔවුන්ට බස් රථයෙන් බැසීමට අවශ්ය ස්ථානයේදී මගීන්ට දැනුම් දෙන ක්රමයක්ද ලබාදීමට ඔවුන් සැලසුම් කරමින් සිටියි. තවද මෙම බස් රථය තුල ආහාර ලබාදීමේ සේවාවක් හා නොමිලේ පානීය ජලය හෝ කොෆී ලබාගැනීමේ හැකියාවක් මගීන්ට ලබාදීමට ඔවුන් සුදානමින් සිටියි.
ඡායාරූප පහතින්.