බඩ ඉදිරියට නෙරා ඇවිල්ලද? සතියක් තුළ බඩ අඩු කරගන්න විශ්මිත පානයක්
Thursday, 09 March 2017 - 12:38 | Views - 21,172
අද වන විට ගැහැණු පිරිමි දෙපාර්ශවයටම බලපාන පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බඩ ඉදිරයට නෙරා ඒම. ඒකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ එකම තැන එක දිගට වාඩි වී වැඩ කිරීම. අපේ ශරීරයට ව්‍යායාමයක් නොලැබෙනකොට මේදය තැන්පත් වෙලා බඩ ඉදිරියට නෙරා එනවා.
අද මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ ගැටළුවට විසඳුමක්. බඩේ තැන්පත් වෙලා තියෙන අධික මේදය දියකර හරින ස්වාභාවික හා ලේසියෙන්ම ඔබේ ගෙදරදී හදාගන්න පුළුවන් පානයක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
වතුර ලීටර් 2.5
ලෙමන් ගෙඩි 1
දෙහි ගෙඩි 1
දොඩම් ගෙඩි 2
ඇපල් සීඩර් විනාකිරි මේස හැඳි 3
කුඩාවට ගාගත් ඉඟුරු මේස හැඳි 3
සාදා ගන්නා ආකාරය:
ලෙමන්, දෙහි, දොඩම් ගෙඩි ගෙන භාජනයකට යුෂ මිරිකා ගන්න. එයට වතුර ද එක් කරගන්න. ඊට පසු එයට ඇපල් සීඩර් විනාකිරි හා ඉඟුරු එක්කර හොඳින් කලවම් කරගන්න.
මෙසේ සාදාගත් පානය සතියක් පමණ උදේ ආහාර වේලට පසු පානය කරන්න. බලන්නකො වෙනස ඔබටම දැනෙයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article