ඔබේ ඇස් පෙනීම රැක ගැනීමට වැදගත්ම වන ආහාර කිහිපයක් මෙන්න
Tuesday, 12 December 2017 - 16:54 | Views - 19,971
ඇස් කියන්නේ අපි වැඩියෙන්ම අවධානය යොමු කල යුතු හා ආරක්ෂා කරගත යුතු අවයවයක්. ඇස් පෙනීම දුර්වල වුවහොත් අපට මුහුණ දෙන්නට සිදුවන අපහසුතාවන් ගැන ඕනෑම කෙනෙකුට සිතාගන්නට පුළුවන්. මෙම ලිපියෙන් කියවෙන්නේ ඇස්වලට අවශ්‍ය වන විටමින් A,C,D වැනි විටමින් වර්ග ලබාගැනීමට උපකාරීවන ආහාර වර්ග කිහිපයක් පිළිබඳවයි.

01. කිරි

කිරි වීදුරුවක් මගින් විටමින් D සහ A මෙන්ම කැල්සියම්, ප්‍රෝටීන් සහ මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගන්න පුළුවන්. යොදය රහිත කිරි පරිභෝජනය ඇස් පෙනීමට ඉවහල් වන විටමින් A අවශ්‍යතාව නොඅඩුව සපුරා ගන්න පුළුවන්.

02. පලතුරු හා බෙරි වර්ග

දොඩම්, මිදි, ලෙමන් සහ බෙරි විටමින් C වලින් පොහොසත් පලතුරු අතර ඉහලින්ම ඉන්නවා. මේ පළතුරු වර්ග ආහාර වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා.

03. බිත්තර

බිත්තර වල අඩංගු ලූයිටීන් සහ විටමින් A ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඇස් පෙනීමට ඉවහල් වනවා වගේම හා ඇස් වියළි වීමට ඇති අවස්ථාව අඩු කරනවා. ඒ වහෙම අක්ෂි සෞඛ්‍යය හා ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.

04. බතල

බතල කියන්නේ විටමින් A බහුල තවත් ආහාරයක්. බතල සතු මහත් පෝෂණ ගුණය නිසාම සාමාන්‍ය ප්‍රමාණයක බතල අලයක් මගින් ඉතා ඉහල කැලරි ලබා ගන්න පුළුවන්.

05. තක්කාලි

විටමින් සහ ඛනිජ වලින් පොහොසත් තක්කාලි පළතුරක් සහ එළවළුවක් යන දෙයාකාරයටම පරිභෝජනයට ගන්න පුළුවන්.

06. කැරට්

ඇස් පෙනීම වර්ධනය කරන ආහාර කියද්දී මුලින්ම මතක් වෙන ආහාරයක් තමයි කැරට්. කැරට් ආහාරයට ගැනීම මගින් අක්‍ෂි සෞඛ්‍යය සැබවින්ම වර්ධනය කර ගන්න පුළුවන්. කැරට් වල අඩංගු විටමින් A විටමින් K, B, මැග්නීසියම් සහ තන්තු ශරීරයට වගේම ඇස් පෙනීම වර්ධනයටත් උපකාරී වෙනවා.

07. නිවිති

නිවිති කියන්නේ දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගන්න තරම් වටිනා ඖෂධිය ගුණයක් සහිත පලා වර්ගයක්. නිවිති කෝප්පයක් මගින් දිනකට අවශ්‍ය වන විටමින් A, විටමින් C, K, මැන්ගනීස්, යකඩ සහ කැල්සියම් ශරීරයට සපයා ගන්නට පුළුවන්.

08. ඔමේගා 3 අඩංගු ආහාර

ඔමේගා 3 අඩංගු වන ආහාර වර්ග මඟින් අක්ෂි ගැටළු රාශියක් මඟහරවා ගන්න පුළුවන් වගේම ඇස් පෙනීම වර්ධනය කර ගන්නත් පුළුවන්. මාළු, ධාන්‍ය වර්ග, සව්, ඕට්ස් වැනි ආහාර වර්ග ඔමේගා 3 වලින් පොහොසත්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top