ලිංගික රෝග සුව කරන ඖෂධ පැළැටි
Monday, 11 December 2017 - 18:45 | Views - 20,692
ශ්‍රී ලංකාව, ඉන්දියාව යන රට වල සුලභව දක්නට ලැබේන නීරමුල්ලිය ශ්‍රී ලංකාව තුළදී පහතරට වගුරුබිම් අශ්‍රීතව බහුලව දැකිය හැකිය. අයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී බොහොමයක් ඖෂධ නිෂ්පාදනයට නීරමුල්ලිය පැළෑටිය යොදා ගනු ලබයි. මුත්‍රඝාත, මුත්‍රා අස්මාරි, වගුකඩු රෝග හෝ වාත රක්ත රෝග සඳහා භාවිත කරනු ලබන ගෝක්ෂුරාදි ගුග්ලුව පානය කිරීමටද ගනු ලබන්නේ නීරමුල්ලිය තම්බා ගත් වතුරයි.

ඖෂධීය ගුණ - පිත සමනය කිරීමේ ගුණය ඇත. මුත්‍ර රෝග සමනය කරයි. ආමවාතය සුව කරයි. රක්පිත පාලනය කරයි. වාතරක්ත රෝගීන්ට ගුණදායකයි. සෙංගමාල අවස්ථාවලදී භාවිත කළ හැකියි. සම පැහැපත් කිරීමේ හැකියාව ඇත. සිරෝසිස් රෝගීන්ටද හිතකරයි. වකුගඩු රෝගීන්ටද ගුණදායකයි. මලබද්ධය සුව කරයි. ලිංගික දුබලතා නැති කරයි. අම්ලපිත්ත රෝගීන්ට හිතකරයි. මුත්‍රා අමාරු අවස්ථාවලදී භාවිත කළ හැකියි. ගොනෝරීයා වැනි සමාජ රෝග සුවකළ හැකියි. රුධිරය පිරිසිදු කිරීම් ගුණයේන යුක්තයි. හෘද රෝගවලට හිතකරයි. කුෂ්ඨ රෝග සුව කිරීමේ හැකියාව ඇත. මුත්‍රාශගත රෝග පාලනය කරයි.

මුත්‍රා අමාරු සඳහා - නීරමුල්ලිය මුල්, ගොකටු මුල්, බෙහෙත් එරඬු මුල් සමව ගෙන පවනේ වියළා කුඩු කර තබාගෙන තේ හැඳි එකක් පමණ දිනපතා උදෑසන එළකිරි සමඟ පානය කරන්න.

ලිංගික දුබලතා සඳහා - නීරමුල්ලිය ඇට, වඳුරු මෑ ඇට චූර්ණ කර උණු නොකළ එළකිරිවලින් දියකර සීනි දමා පානය කිරීමෙන් ලිංගික දුබලතා මඟහැරේ.

සෙංගමාල රෝගයට - නීරමුල්ලිය, මොණරකුඩුම්බිය සමව ගෙන කොටාගත් යුෂවලින් කැඳ පිස කිතුල් හකුරු සමඟ උදෑසන හිස්බඩ බීමෙන් සෙංගමාලය සුව වෙයි.

බහු මුත්‍ර රෝගය සඳහා - නීරමුල්ලිය තම්බාගත් වතුර පානය කරන්න

රුධිරය පිරිසුදු කිරීමට - නීරමුල්ලිය මුල් කලං 12 ගෙන වතුර කාල් 8ක් යොදා පත අට එකට සිඳුවා මී පැණි දමා උදේ සවස පානය කරන්න.

ගොනෝරියා රෝගයට - නීරමුල්ලිය කොටා ගත් යුෂ හොඳින් රත්කර පානය කරන්න.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top