මහන්සි නොවී බර අඩුකරගන්න උදව් වෙන විශ්මිත පානයක් නිවසේදිම හදාගන්නහැටි මෙන්න
Monday, 11 December 2017 - 11:23 | Views - 36,750
ශරීරයේ බර අඩුකරගැනීම සදහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරීමට පෙළඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප‍්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවී බර අඩුකරගැනීමටයි.

එම නිසා අප තීරණය කරා ශරීරයේ බර අඩුකරගැනීම සදහා උදව් වෙන ස්වභාවික පානයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමට.

කැලරි සිය ගණනින් දහනය කිරීමට සමත් මෙම පානය පරිභෝජනය කිරීමෙන් පරිවුර්තීය ක‍්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහිී ප‍්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

මීපැණි තේ හැදී  2ක්
කුරුදු තේ හැදී 1ක්
වතුර කෝප්පයක් (මිලිලීටර් 235)

සකසා ගන්නා ආකාරය

මීපැණි තේ හැදී දෙකකට කුරුදු තේ හැදී 1ක් භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. වතුර උණුකරගෙන උණුකරගත් වතුර එකට කුරුදු එකතුකරගන්න. ඉන්පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් වීමට ඉඩහරින්න. එය සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩහරින්න එපා. පානය කිරීමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි.

අන්න එම අවස්තාවේදී තමයි මීපැණි එකතු කලයුතු වන්නේ. අධික රස්නයක් පවතින විට මීපැණි එකතු කරන්නට එපා. මොකද එවිට අධික උෂ්ණත්වය හේතුවෙන් මීපැණි වල පවතින පෝෂණ වටිනාකමට බරපතල හානි සිදුවෙනවා. එහෙයින් පානය කිරීමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදී මීපැණි එකතු කරන්න.

එලෙස සකසා ගත් පානයෙන් හරි අඩක් නින්දට යෑමට පෙර භාවිතා කරන්න.  ඉතිරි කොටස හොදින් ආවරණය කොට ශීතකරණය තුල තබා උදෑසනින් එය පානය කරන්න. එය නැවත රත් නොකිරීමට මතක තබා ගන්න.

ඒවගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සදහා භාවිතා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරීමට හෝ පානය කිරීමට ප‍්‍රථමව මෙම පානය භාවිතා කිරීමෙන් විශ්මිත ප‍්‍රතිපල ලබාගන්නට හැකියාව තිබෙනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top